රටේ ඛනිජ සම්පත් උපරිම ඵලදායීතාවයකින් යුතුව ප්‍රයෝජනයට ගැනීම සඳහා සකස් කෙරෙන ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි. මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ ‘මාතොට’ ව්‍යාපාරික සඟරාව එළිදැක්වීම වෙනුවෙන් වැලිගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ අතර, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ව්‍යවසායකයන්ට සහ දේශීය සම්පත්වලට හිමිවන ප්‍රමුඛස්ථානය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය. විධිමත් ප්‍රතිපත්තියක් හරහා ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ පවතින අවිධිමත්භාවය ඉවත් කර වඩාත් විනිවිද පෙනෙන සහ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.














