27 April 2024
#සංවර්ධන

වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ වරි සෞභාග්‍යයා වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහය ද ඉදිරියේදී ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්ෂ 80 ක මුදලක් වියදමින් ගම්පොල දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් “අංගේ වැව” ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

“අංගේ වැව” ප්‍රතිසංස්කරණය කිරීම තුලින් කුඹුරු අක්කර 32කට අධික ප්‍රමාණයකට ජලය ලැබෙන අතර ගොවි පවුල් 50කට අධික ප්‍රමාණයකට තම ගොවි තැන් කටයුතු කරගෙන යාමට සෙත සැලසේ.

 

මේවන විට වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ අප දිස්ත්‍රික්කයම ආවරනය වන පරිදි වැවු,අමුණු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් යන බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා සෑම මොහොතකම මා නිලධාරීන් හට උපදෙස් ලබාදෙමින් කියා සිටින්නේ ගොවි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන කෘෂිකර්මාන්තය නගා සිටුවීමට සෑම විටම පිටි වහලක් වන ලෙසයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන තුළ සියලුම දේනාගේ සහයෝගය ලබා ගන්නවා.ඒ ගැන කරපු සාකච්ඡාවකදී සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය ලබාදීමට තීරණය කලා ඒ පිළිබඳ මට හරිම සතුටුයි.මම ස්තුතිවන්ත වෙනවා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට හා සියලුම දෙනාට. මේම කටයුත්ත සදහා ඔවුන් ඉතා ඕනෑකමින් හා කැමැත්තෙන් ඉදිරිපත් වුනා වගේම මහනුවර දිස්ත්‍රික්කය පමණක් නොව පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වැව් ප්‍රතිසංස්කරණයට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කලා. පසුගිය කාලය වගේ නෙවෙයි.ජනාධිපතිතුමා,අගමැතිතුමා,මැති ඇමතිවරු,රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා දැන් ඒකට එකතු වෙලා කන්ඩායමක් හැටියට දැන් වැඩකරන්න පටන් අරගෙන තියෙනවා. ඒක ගමත් නගරයත් දිහා බලන ඕනම කෙනෙකුට පේනවා. මූලික සාකච්ඡා වලට අපි ගම් වලට ගියාම ඔවුන් පවසන්නේ අපේගම අපේ නගරය සංවර්ධනය කරල දෙන්න. අපි ගම් මට්ටමින් ගොවි සංවිධාන හරහා සියලු සහයෝගය ලබා දෙන්නම් කියලා. එම නිසා රජයක් විදිහට අපටත් හරිම පහසුයි වැඩ කටයුතු කරගෙන යන්න. තව කෙටි කාලයක් තුළ අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍ය තුමාත් මේ කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ඉතා සාර්ථක කර ගැනීමට අප රට කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත රටක් හැටියට ඉහලට නැන්වීමට අපි සියලුම දෙනා එකතු වී එක්සිත්ව වැඩ කටයුතු කරමු කියා මා ඉල්ලා සිටිනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *