27 April 2024
#දේශීය

සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි කරයි – කම්කරු ඇමැති

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතන වල(සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන වල ) යම් සේවකයෙකුගේ සේවය අදාල ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා වන සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය විසිපස් වැනිදා කම්කරු කොමසාරිස් ජනරාල් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත් කළ බව ද ,ඒ අනුව , 1971 අංක 25 දරණ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතට ප්‍රකාරව 2005 ප්‍රකාශයට පත් කළ අදාල වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් දොළොස් 1250000 කි. සෞභාග්‍යයේ දැක්මට අනුව කම්කරු ජනතාවට උපරිම සහන යම් සැලසීමේ පරමාර්ථය පෙරදැරිව පැවති එම 1250000 වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කළ බව අමාත්‍යවරයා පවසයි.

මෙම වන්දි මුදල වැඩි කරනු ලැබූයේ වසර පහළොවකට පමණ පසුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම අද රැකියාවක් අහිමි වන පුද්ගලයෙක්ට රුපියල් 1250000 ඔහුගේ ඉදිරි ජීවිකාව පවත්වාගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, ඒ වගේම ඔවුන්ගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට එම මුදල ප්‍රමාණවත් නොවන බව විවිධ සංවිධාන හා වෘත්තීය සමිති විසින් පෙන්වා දීම ද පිළි ගනිමින් මෙම පනත සංශෝධනය කළ බව අමාත්‍යවරයා පැවසිය.

මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *