පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නියෝග ලබාගෙන තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ලබාගත් මුල් දින 90ක රැඳවුම් කාලය ඊයේ (25) අවසන් වීමත් සමඟ මෙම නව නියෝගය ලබාගෙන ඇත. මුල් දින 90ක කාලය තුළ නිසි ලෙස ප්‍රශ්න කිරීමට නොහැකි වූ බවත්, එම කාලය තුළ දින 72ක්ම ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් ගත කළ බවත් පොලිසිය සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.














