සිරියාව යනු විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ අත්හදාබැලීමේ පිටියක් හෝ වෙනත් පාර්ශවයන්ගේ පෞද්ගලික අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට ඉඩදෙන තැනක් නොවන බව සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) අවධාරණය කරයි.
උතුරු සිරියාවේ සිදුවන බව කියන තුර්කි මිලිටරි ක්‍රියාකාරකම් සහ බලපෑම් මුල් කරගනිමින් ඉස්රායලය සහ තුර්කිය අතර නැවතත් ප්‍රසිද්ධියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති පසුබිමක ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබේ. ඇසාඩ් පාලනයෙන් පසු (Post-Assad) සිරියාවේ පාලන බලය ස්ථාවර කරගැනීමට ඩැමස්කස් (Damascus) අගනුවර කේන්ද්‍ර කරගත් රජය දැඩි උත්සාහයක නිරත වන අතර, කලාපීය වශයෙන් එල්ල වන දැඩි බලපෑම් හමුවේ සිරියාවේ ස්වෛරීභාවය සුරැකීමට තමන් කැපවන බව සිරියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටී.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















