• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සර්ව පාක්ෂික ආණ්ඩුවට පක්ෂවල සහාය නෑ – පොහොට්ටුවේ මන්ත්‍රී වීරසිංහ

16 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෑම පක්ෂයක්ම සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය සඳහා සහයෝගය දීම මඟ හරමින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩි.වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩි.වීරසිංහ මහතා, “මේ මොහොතේ අපේ රට තුළ තිබෙන කතිකාවත තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවාද නැද්ද කියන එක. මේ රටේ නිර්පාක්ෂික අරගලකරුවන් විසින් ඇතිකරපු අරගලය දිය වුණා. රාජපක්ෂවරුන්ට යන්න කියලා ඉල්ලිමක් කළා. ඔවුන් තමන්ගේ ධූරවලින් ඉල්ලා අස්වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණා. එතුමා ජනාධිපතිවරයා බවට පත්වෙන්න කලින් මේ අරගලය කරපු පිරිස් සහ අද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් කිව්වේ මේ ඇතිවි තිබෙන ආර්ථික අර්බුදය විසඳන්න නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕන කියලා. ඒ තුළින් ජාත්‍යන්තර සහය ලබා ගන්න පුළුවන් සහ අපි හැමෝම එකතුවෙලා මේ රට ගොඩනගමු කියලා පහුගිය කාලයේ කිව්වේ. නමුත් දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න කියලා ආරාධනා කළාම සජබය කියනවා මෙය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක් කියලා. අද එන්න බෑ කියනවා. රාජපක්ෂවරු අද සියලු දෙනාම තනතුරු අතඇරලා ගිහින් තිබෙනවා. ඒ මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්. එහෙම තිබෙන අවස්ථාවක හැම පක්ෂයක්ම අද මේ වන විට මඟ හරමින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යන්න කටයුතු කරමින් සිටිනවා. සැබෑ ලෙස අරගලය කරපු අරගලකරුවන්ගේ වුවමනාවත්, මේ රට ගොඩනගන්නත්, අපේ අනාගතය සුරක්ෂිත කරන්න පෙනි හිටපු දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ලබාගත්ත ජයග්‍රහණ පාවා දෙමින් ඉන්නවා. සත්භාවයෙන් ආරාධනා කරාම නොයෙකුත් හේතු කියමින් මෙය මඟ හරවනවා වෙනුවට මේ සඳහා එකතුවෙලා කටයුතු කරමු. තාම රාජපක්ෂවරු භීතිකාවෙන් සිටින්නේ. රාජපක්ෂවරු දේශපාලන තනතුරුවලින් ඉල්ලා අස්වෙලා තිබුණ අවස්ථාවකත් අදට මාධ්‍යවලට පැමිණියාම රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල කරමින් සිටිනවා මිසක මේ තිබෙන ආර්ථික අර්බුදය , දේශපාලන අර්බුදය විසඳන්න ඒ අය කටයුතු කරන්නේ නෑ. මම හැම දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නවානම් සියලුදෙනා එකතුවෙන්නයි අවශ්‍ය. ඒ නිසා ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ කකුලෙන් ඇදලා, ආණ්ඩුව පෙරලන්න හදලා තවදුරටත් මේ රටේ මිනිස්සුන්ව අසරණතාවයට පත් කරන්න එපා කියා ඉල්ලා සිටිනවා. එහෙම කරන්න ගියොත් තියෙන තැනින් තවදුරටත් පහළට ඇදගෙන වැටෙනවා. එහෙත් දැන් යන්තමින් මේ අර්බුදය විසඳගන්න වැඩකටයුතු කරමින් ගොවියාට පොහොර දෙන්න කටයුතු කරලා තිබෙනවා. පහුගිය කාලයේ තිබුණු තෙල් අර්බුදය යම්තාක් හොඳ තැනකට ඇවිත් තිබෙනවා. මේ ප්‍රශ්න එකින් එක විසඳගන්න තිබෙනවා. ඒ යනකොට එක එක ඒවා කියමින් මෙය කඩාකප්පල් කරොත් මේ රටේ මිනිස්සු නැවත පාරට බහියි. එයින් මේ රටේ ජනාධිපතිතුමා විතරක් නොවේ 225 ම එපා කියයි. මේ අවස්ථාවේ මැතිවරණයකට යන්න පුළුවන් වෙලාවක් නොවේ. මැතිවරණයකට ගිහින් නැවත මේ රටේ තිබෙන තත්වය මීට වඩා දරුණු තත්වයකට පත් කළයුතු නැ. අද මාධ්‍යවල කියා සිටිනවා අපි අවුරුදු 04 ½ කින් ආණ්ඩුව විසුරවන්න බැරිවෙන්න ව්‍යවස්ථාව වෙනස් කරගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා සිටිනවා කියලා. අපි එහෙම කොතනකවත් ප්‍රකාශයක් කරලා නෑ. බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිකමින් අයින් වුණා. මන්ත්‍රි ධූරයෙන් අයින් වුණා. නමුත් අදටත් විපක්ෂයට බැසිල් භිතිකාවක් තිබෙන්නේ. අදටත් බැසිල් රාජපක්ෂ මැතිතුමාට ගහනවා. මේ රටේ අවුරුදු 30 ක් යුද්ධය ඉවරකරපු නායකයාට, හිටපු ජනාධිපතිතුමාට සැප වින්දා කියලා චෝදනා කරනවා. තමන්ගේ කාර්ය මණ්ඩලය අඩු කරලා තමන්ගේ යාන වාහන අඩු කරගෙන මේ රට හදන්න යම් උත්සහයක් ගත්ත නායකයාට ඉන්න රටක් නැතිවෙලා. ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ රට බේරගත්ත, මේ රටේ තරුණයින්ගේ හඩට ඇහුම්කන් දිලා තමන්ගේ ජනාධිපතිකම අත ඇරලා ගිය මේ රටේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරපු මනුස්සයාට මේ රටට එන්න අවස්ථාව හදලා දෙන්න සහ ඒ අයව ආරක්ෂා කරන්න වැඩකටයුතු කරන්න. මේ සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා දැන් කකුළෙන් අදින්නේ නැතිව ආරාධනා කරලා තිබෙනවා තනතුරු අරගෙන මේ තිබෙන තත්වයෙන් ගොඩ එන්න කටයුතු කරමු කියලා.”යනුවෙන් මෙහිදි මන්ත්‍රී විරසිංහ මහතා සඳහන් කළේය.

 

 

Post Views: 6
Previous Post

හිටපු ජනපති ගෝඨාගේ සියළු වියදම් රජයෙන් දරනවා – කැබිනට් ප්‍රකාශක බන්දුල

Next Post

ඉරාන තානාපති හෂේම් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවෙයි

editor

editor

Next Post

ඉරාන තානාපති හෂේම් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved