• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනාව සමඟ එන බැංකු ණය හා ලිසිං වසංගතය

31 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අසාධාරාණයට පත්වී සිටින බැංකු සහ මූල්‍ය ආයතනය මගින් ණය පහසුකම්, (ලීසිං) කල්බදු සහ මූල්‍ය පහසුකම් ලබාගෙන ඇති විශාල ජනතාවක් මුහුණ පා සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත බොහෝ බැංකු පද්ධති පවා කඩා වැටිමට මුහුණ පා ඇති බව වාර්තා වේ.

නමුත් මෙම තත්ත්වය මත බැංකු ණය හා මුල්‍ය බැංකු මගින් ලබා ගත් ලිසං පහසුකම් ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයින්ට කිසිදු සහනයක් ලබා නොදීම නිසා ඔවුන්ට තම වත්කම් බැංකුවට සින්න වීමට සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර අද ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ එකාබද්ධ සංගමය පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයක් අද පවත්වා තිබේ.

එම ව්‍යාපාරය පැවසුවේ මුලු ලෝකයටම බලපාන පරිදි ඇතිවූ කොවිඞ් තත්වය 2020 වසරේ මුල් කාර්තුවේ සිට ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ අතර එහිදි ලොකු කුඩා ව්‍යාපාරික හා ව්‍යවසායකයින්ගේ සිට සියලුම ජනතාවට මූල්‍ය කඩාවැටිමක් සහ වසර දෙකකට ආසන්න කාලයක් රට එකතැන නතර වීමක් සිදු වූ බව පැහැදිලිය.

එවන් අවස්ථාවක, වාහන අත්පත්කර ගැනීම(සීස් කිරීම), දඩ පොලියක් එකතු කිරීම, ප‍්‍රතිව්‍යුහගත කරමින් වාරික මුදල වැඩි කිරීම, ණය තොරතුරු කාර්යංශයට නම් ඇතුලත් කිරීම දඩ පොලියට අමතරව කොරෝනා කාලයට වෙනම පොලියක් ඇතුලත් කිරීම ආදියද දිගින් දිගටම සිදු වෙන බවද සඳහන් කර සිටියේය.

 

මෙකී සියල්ලටම විසදුම් සහ යෝජනා වශයෙන් එම සංවිධානය පවසා සිටියේ කොරෝනා කාල වකවානුවේදී ගෙවීම සිදු නොකල වාරික වෙනුවෙන් වෙනම ණය මුදලක් ලබාදීම වැළැක්වීම, දඩ පොලිය සහ ණය මුදලට අමතරව පොලියක් එකතු කිරීම වැළැක්වීම, සියලුම කොරෝනා කාල වකවානුවේ වාරික අගය වැඩි නොකර වාරික ගණන වැඩි කිරීම, තවද නව ණය මුදලක් ලබාදෙමින් සහ/හෝ ණය මුදල ප‍්‍රතිව්‍යහුයගත කරන අවස්තාවක් සිදු කරන්නේනම් දැනට රටෙහි පවතින පොලී අනුපාතය යටතේ නව ණය ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීම, බලහත්කාරයෙන් වාහන අත්පත්කර ගැනීම වැළැක්වීම, වාහන අත්පත්කිරීමේ දී සහ/හෝ ගිවිසුම අවලංගු කළ අවස්ථාවකදී පනත ප‍්‍රකාරව කටයුතු කළ යුතු බවත් තෙවන පාර්ශවයන් යෙදීම සම්පුර්ණයෙන්ම වැළැක්වීම, වාහන අත්පත් කරගැනීමෙන් අනතුරුව නැවත ඉදිරි ගෙවීම් සදහා නඩු පැවරීම වැළැක්වීම, මොනයම් ආකාරයකින් හෝ කල්බදු ගිවිසුම ගිවිසුම්කරු විසින් අවලංගු කරන අවස්ථාවකදී ඉදිරියට ගෙවීමට ඇති සියලු වාරික ලබාගැනීම වැළැක්වීම ,එකම අනුපාතයක් යටතේ රජය සහ පෞද්ගලික සමාගම් විසින් ණය සහ කල්බදු පහසුකම් ලබාදීම, යම් අවස්තාවක වාහන අත්පත් කිරීමක් සිදු වූ පසු නැවත විකිණීමක් සිදු කරයිනම් එහිදී ස්වාධින තක්සේරුවක් ලබාගත යුතු බව, නැවත විකිණීමේ දිනය වේලාව අදි සියල්ල බදු ගැණුම්කරුට ලියාපදිංචි තැපෑලෙන් දැනුවත් කළ යුතු වීම සහ එකී විකීණීමේ/වෙන්දේසියේදී බදු ගැණුම්කරුටද ලන්සු තැබිය හැකි වීම, සියලුම පුද්ගලික මූල්‍ය ආයතනය නියාමනය කළ යුතු වීමත් රජය සෘජුවම මැදිහත් වීමක් සිදු කළ යුතු වීම, කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය කිරීම,ණය ආපසු අයකරගැනීමේ පනත සංශෝධනය කිරීම, ක්ෂද්‍ර මූල්‍ය පනත දැඩිව කි‍්‍රයාත්මක කිරීම සහ මහ බැංකුව යටතේ ලියාපදිංචි නොවූ කිසිදු ආයතනයකට මූල්‍ය පහසුකම් දෙන මුවාවෙන් මුදල් සූරා කෑම වළක්වා ලීම, පරාටේ ක‍්‍රමය මගින් දේපළ වංචනික ලෙස අත්පත්කරගනිමින් විකීනීම වැළැක්වීම යනාදී යෝජනා ඉදිරිපත් කරන ලදී.

මීට අමතරව දැනට රක්ෂණ සමාගම් සමග මූල්‍ය සමාගම් එකතු වී සිදු කරනු ලබන අයුතු ලාබ ලැබීම සහ පහත අසාධාරණ කොන්දේසි මගින් රක්ෂනාවරණ ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙනී සිටීම, වාහන ලබාගන්නා පුද්ගලයාට කැමති ආයතනයක රක්ෂණය දැමීමට හැකිවීම, බේරුම්කරණ වගන්තිය අවලංගු කිරීම, රක්ෂණ ලබාදීම ප‍්‍රත්ක්ෂේප කිරීම කිරීමේ දී දෙපර්ශවයට කැමති අධිකරණමය කි‍්‍රයාදාමයකට යොමු විය හැකි පරිදි වගන්ති ඇතුළත් කිරීමට රජය මගින් මැදිහත් වී නෛතික අණපනත් සෑදීම යන්නයි.

 

Post Views: 1
Previous Post

වැක්සින් නොකල අය ගැන සංගණනයක් – ජනපති

Next Post

දේශිය කරවල නිෂ්පාදයෙන් විදේශ රටවලට ඇදියන මුදල් ඉතිරිකර ගත හැකියි – ධිවර ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

දේශිය කරවල නිෂ්පාදයෙන් විදේශ රටවලට ඇදියන මුදල් ඉතිරිකර ගත හැකියි - ධිවර ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved