• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කරයි

16 July 2021
in දේශීය

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය රුපියල් මිලියන 2.4ක් වටිනා නවීනතම සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් රාගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (15) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

ඒ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ කොවිඩ් වසංගතයේ තුන්වැනි රැල්ල පවතින අවස්ථාවේදී රෝගී සත්කාර සේවාව වෙනුවෙන් පරිත්‍යාගශීලීන් එකතු කරගෙන ලංකාවේ අසරණ රෝගීන් වෙනුවෙන් ඉතාමත් වටිනා උපකරණ පරිත්‍යාග කිරීමට නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය කටයුතු කර තිබීම වැදගත්කොට සලකන බවයි.

 

මීට පෙරද කුලියාපිටිය රෝහලට වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට කටයුතු කිරීම සිහිපත් කළ අමාත්‍යවරිය මෙම උපකරණ වලින් සිදුකෙරෙන කාර්යද සිහිපත් කරන ලදි. මේ යන්ත්‍රය හරහා කොවිඩ් ආසාදනයෙන් හුස්ම ගැනීම අපහසු ඔක්සිජන් අවශ්‍ය අය වෙනුවෙන් ඔක්සිජන් ලබාදීම මෙම යන්ත්‍රයෙන් සිදුකෙරෙන බැවින් එය ඉතාම වටිනා පරිත්‍යාගයක් ලෙස සලකන බවත් මෙවැනි පරිත්‍යාගයක් සිදුකිරීම සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් තමන් ස්තුතිවන්ත වන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත අදාල පරිත්‍යාගය ලබාගැනීම සදහා වෛද්‍ය රසිකා ලියනගේ මහත්මියද මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත අදාල පරිත්‍යාගය ලබාගැනීම සදහා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය යෝගේෂ්වරා මහතා පැමිණ සිටි අතර රත්නපුර රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා පියතුමා විසින් අදාල රෝහල් වෙත එම පරිත්‍යාගයන් සිදුකරන ලදි.

මෙම පරිත්‍යාගය සිදුකිරීම සදහා නිව් සවුත්වේල්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය වෙනුවෙන් එහි සභාපති රුක්ෂාන් ඇන්තනි මහතා මැදිහත්වී ඇති අතර එහි ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ රේමන් ප්‍රනාන්දු මහතා සහ ඇග්නස් පීන්තු මහත්මිය විසිනි.

මෙම අවස්ථාවට රත්නපුර රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා පියතුමා සමග ශ්‍රී ලාල් ප්‍රනාන්දු පියතුමා, ජූඩ් නිකලස් පියතුමා, ටෙක්ලා ප්‍රනාන්දු කන්‍ය සොයුරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ ඉංජිනියරින් මෙඩිකල් ඒකකයේ නිලධාරීන් එක්විය.

 

Post Views: 4
Previous Post

අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්

Next Post

නිවෙස්වලින් බැහැරවිය නොහැකි අයට ජංගම එන්නතකරණ සේවාවක් – ජනපති

editor

editor

Next Post

නිවෙස්වලින් බැහැරවිය නොහැකි අයට ජංගම එන්නතකරණ සේවාවක් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved