27 July 2024
#ක්‍රීඩා

පිරිසිදු නායකයෝ අපේ පක්ෂයේ ඉන්නේ

ඉරිදි ජනාධිපතිවරණයේදී කිසිවෙකු අපට අභියෝගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එජාපය තුළ සිටින තරුණ දේශපාලන නායකත්වයක් තුළින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් ඇතිවිය හැකි බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නෙවන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතිකපක්ෂය තුළ රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන වශයෙන් පිරිසිදු නායකයින් සිටින බවත් එම නායකයින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහ මෙහෙයවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *