• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරියට ගෙනයාමට “කොළඹ ප්‍රකාශනය”එලිදකි

13 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයෙන් පසු ලොව පුරා ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරියට ගෙනයාම පිළිබදව “කොළඹ ප්‍රකාශනය” නමින් විශේෂ ප්‍රකාශනයක් 11 වනදා මෙරට දී එළිදක්වනු ලැබීය.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 25 වන සැමරුමට සමගාමීව කොළඹ ගලදාරි හෝටලයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සහභාගීත්වයෙන් මෙම එළිදැක්වීම සිදු විය.

කොවිඩ් වසංගතය තුළ දරුවන්ගේ ක්‍රීයාකාරීත්වය හා සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ ප්‍රකාශනය එළිදැක්විනි.

වසංගතයෙන් පසු ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව මෙම විශේෂ ප්‍රකාශනය තුළින් අර්ථාන්විතව නව අර්ථකථනයක් දියහැකි බැව් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් වසංගත තත්ත්වය සමග දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා මෙවැනි ප්‍රකාශනයක් නිසි වේලාවට සකස් කිරිම පිළිබද සිය ප්‍රශංසාව පිරිනමන බවයි.

තමා ‍ මෙම ප්‍රකාශනය කියවූ බවත්, ප්‍රකාශනයට අනුව දරුවන්ගේ එන්නත්කරණය හා මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට කටයුතු කිරිම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන බැවින්, මෙම ප්‍රකාශනය ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, යුනෙස්කෝ ආයතනයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගෙනයාමට තමන් මූලිකත්වය ගන්නා බවද පැවසීය. මෙරට පමණක් නොව ලොව පුරා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරිමට මෙවැනි ලොවට ඵලදායි යෝජනා වලට අදාලව ජාත්‍යන්තර තාක්ෂණය හා දැනුම අප රටට ලබාදීමට ජාත්‍යන්තර සංවිධානයන් මෙයට පෙරද තමා හට එකගතාවය පළකොට තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

කොළඹ ප්‍රකාශනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අත්සන් තැබූ අතර, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමන් රජින්ද්‍රජිත් එහි ලේකම් වෛද්‍ය චන්න ද සිල්වා හා වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්වරුන් විසින් අත්සන් තබනු ලැබීය.

මෙයට අමතරව දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගම්වල සභාපතිවරු, ආසියානු ෆැසිපික් කලාපයේ ළමා රෝග විශේෂඥයින්, අන්තර්ජාතික ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, එංගලන්ත රාජකීය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සභාපතිනිය මෙම ප්‍රකාශනය සදහා අත්සන් තබා තිබේ.

මෙම කොළඹ ප්‍රකාශනය තුළ ප්‍රධාන වශයෙන් කරුණු 06 ක් ඇතුළත් වේ.

ඒ අනූව ළමුන්ට නැවත පාසල් අධ්‍යාපනය ලබාදීම, මන්දපෝෂණය හා අධිපෝෂණය පිළිබද ගැටළු, ළමුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබද ගැටළු, අවතැන් වූ ළමුන් පිළිබද ගැටළු, ළමුන්ගේ සෞඛ්‍යයට පරිසර වෙනස්වීම් බලපාන ආකාරය, ළමුන් කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණයට ලක්කිරීම යන කරුණු මෙයට ඇතුළත්ය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය ජී. විඡේසූරිය, වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

මුදල් ඇමැති බැසිල්ගේ මංගල අයවැයේ සම්පූර්ණ කතාව මෙතැනින්

Next Post

මද්දකට හසුවි සිටි හදුන් දිවියකු බේරා ගැනේ

editor

editor

Next Post

මද්දකට හසුවි සිටි හදුන් දිවියකු බේරා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025
අද වහින්නේ කොහොමද ?

අද වහින්නේ කොහොමද ?

9 July 2025
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025

Recent News

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025
අද වහින්නේ කොහොමද ?

අද වහින්නේ කොහොමද ?

9 July 2025
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025
අද වහින්නේ කොහොමද ?

අද වහින්නේ කොහොමද ?

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved