• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ – රජය

25 June 2023
in දේශීය

ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරණ උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෙසේ වෙතත් අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට වහාම කටයුතු කරන බවත්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමඟ ඉදිරි සතියේ දී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් රජය දැනුම් දෙයි.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැතිව අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන ආකාරයට නිලධාරීන් 6728 ක් යොදවනු ලැබීය. සංවර්ධන නිලධාරීන් 3190, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494, ග්‍රාම නිලධාරීන් 205, වෙනත් නිලධාරීන් 1127 සහ තාවකාලිකව බඳවා ගත් 1712 දෙනකු ඊට ඇතුළත් විය.

ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු වෙයි.

කෙසේ වෙතත් එම ක්‍රියාවලියේ දී අඩු පාඩු සිදුව ඇති බවට ඇතැම් පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමග අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙලට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී ආසාධාරණයට ලක්වුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය ජූලි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (25) උදෑසන නිවේදනය කරනු ලැබීය.
වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.

ඒ අනුව ආර්ථික සවියක් අත්‍යාවශ්‍ය පුද්ගලයෙකුට හෝ පවුලකට මෙම ප්‍රතිලාභය අහිමි වී තිබේ නම් අදාළ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් විමසීම් සිදු කර එය නිවැරදි කර ගැනීමේ අවස්ථාව පවති.

අස්වැසුම වැඩසටහනේ මූලික අවශ්‍යතාව වන්නේ ආර්ථික සවියක් අවැසිම පුද්ගලයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දීම මිස හුදු දේශපාලන ක්‍රියාවලියකට නතුව, විවිධ පක්ෂවල අවශ්‍යතාවයන් සපුරාලීම නොවන බවත්, ඒ පිළිබඳ ගෙන යන පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් රජය අවධාරණය කරයි.

විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවී තමන්ගේ නම, දැනට ප්‍රකාශයට පත් කර ඇති ලේඛනයට ඇතුළත් වී නොමැති නම් හෝ නුසුදුස්සෙකුගේ නම ඊට ඇතුළත්වී ඇත්නම් ඒ සම්බන්ධ විමසීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කර ගැනීමට කාරුණික වන ලෙසත්, අයදුම්කරුවන්ට මතුව ඇති ඕනෑම ගැටලුවක් ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් විසදාගත හැකි බවත් රජය වැඩිදුරටත් දැනුම් දෙයි.

 

Post Views: 9
Previous Post

ආණ්ඩුවේ ‘අස්වැසුමත්’ ඇස්වැසුමක් වෙලා – විපක්ෂනායක සජිත්

Next Post

බොරු සමාජ ගත කරන්නන් අත්අඩංගුවට ගන්නැයි ඇමැති ටිරාන්ගෙන් නියෝගයක්

editor

editor

Next Post

බොරු සමාජ ගත කරන්නන් අත්අඩංගුවට ගන්නැයි ඇමැති ටිරාන්ගෙන් නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved