• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව අසමත් කියන එක අද කුස්සියෙනුත් පේනවා – අයිතීන් උදෙසා කාන්තාවෝ

11 August 2021
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් මොහොතේදී පවා අම්මලා කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට බතක් උයලා දෙන්නේ කෙසේ දැයි කල්පනා කරන බවත් ආණ්ඩුව අවශ්‍ය ගෑස් පවා ලබාදීමට අසමත් වී ඇති බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවේදිය.

එහිදී ඇය මෙසේ පවසා සිටියේය “මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම්වලට නෙවෙයි. මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට නෙවෙයි. ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් සහන මිලට ලබාගෙන ජීවත් වෙන්නයි. නමුත් ගෘහණියන්ට අද සිදුවී තිබෙන්නේ ගෑස් පෝලිම්වල පවා රස්තියාදු වෙන්නයි. විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ජනතාව අතර විශාල ප්‍රමාණයක් විවිධ රැකියාවලට යන කාන්තාවන් සිටිනවා.

මේ වනවිට කාන්තාවන් ඇතුළු රටේ පොදු ජනතාවට දැඩිව බලපාන කරුණු කිහිපයක් පිළිබඳව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලුම භාණ්ඩවල මිල වේගයෙන් ඉහළ ගිහින් තිබෙනවා. ආහාර ද්‍රව්‍යවලට විශාල බදු ප්‍රමාණයක් නියම කර ජනතාවට පීඩාවට පත්කරන රටවල් අතර අපේ රට ඉහළින්ම තියෙනවා.

ආණ්ඩුව කියන විදිහට හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වෙන්න රුපියල් 65,000ක් අවශ්‍යයි. නමුත් මාසිකව රුපියල් 65,000ක් උපයන්න හැකියාව තියෙන පවුල් තියෙන්නේ කීයද? වතුකරයේ ජනතාවට තමන්ගේ දෛනික වැටුපෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා වියදම් කරන්න වෙලා තියෙනවා. ග්‍රාමීයව ගත්තත් තත්වය මේ හා සමානයි.

කොරෝනා වසංගතයෙන් මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න මොහොතේදී පවා අම්මලා කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට බතක් උයලා දෙන්නේ කොහොමද කියලා.
මේ වෙලාවේදී ආණ්ඩුව අවශ්‍ය ගෑස් පවා ලබාදීමට අසමත් වෙලා. මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම්වලට නෙවෙයි. මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට නෙවෙයි.

ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් සහන මිලට ලබාගෙන ජීවත් වෙන්නයි. නමුත් ගෘහණියන්ට අද සිදුවී තිබෙන්නේ ගෑස් පෝලිම්වල පවා රස්තියාදු වෙන්නයි. විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ජනතාව අතර විශාල ප්‍රමාණයක් විවිධ රැකියාවලට යන කාන්තාවන් සිටිනවා.

ගෑස් ඔවුන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වී තිබෙනවා.

කොළඹ මහල් නිවාසවල ජනතාව ගෑස් ගෙන්වන්න පෝලිමේ ඉඳලා ගෑස් නැතිව හිස් අතින් යන්න සිදුවී තිබෙනවා. මේ තත්වය ඉබේ ඇතිවුණ එකක් නෙවෙයි. ගෑස් හිගයක් ඇතිවන බව ආණ්ඩුවත් ගෑස් සමාගමුත් දන්නවා. ගෑස් සමාගම් තමන්ගේ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමට බැඳී සිටිනවා.

නමුත් තම පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමට නොහැකි බව සමාගම් තීරණය කරන්නේ රුපියල අවප්‍රමාණය වීම සහ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීමෙන් විශාල පාඩුවක් දරන්න සිදුවී ඇති බව කියලයි. මේ නිසා ගෑස් බෙදාහැරීමෙන් ඉවත් වන බව සමාගම් කියනවා. නමුත් ලෝක වෙළඳපොළේ ගෑස් මිල අඩුවී තිබියදී මේ සමාගම් විශාල ලාභයක් ගත්තා. නමුත් ගැටලුව වන්නේ මේ ආණ්ඩුවත් ගෑස් සමාගමුත් ලාභ අත්වෙනකොට විශාල වශයෙන් ලබාගන්නා ලාභයෙන් කොටසක් මේ අසීරු අවස්ථාවේ ලබා නොදීමයි.

ඇත්තටම දැන් තිබෙන්නේ ආණ්ඩුව සහ ගෑස් සමාගම් එකතුවෙන් නිර්මාණය කරගත් අර්බුදයක්. ඒක කොරෝනා නිසා ආපු අර්බුදයක් නෙවෙයි. අවුරුදු 73ක් තුළ රටේ පාලනය ජනතාවට අත්කර දී තිබෙන්නේ මොනවාද? අපේ ආර්ථික දේහය තුළ තිබෙන කශේරුව වැනි බලශක්තිය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බව ගෑස් අර්බුදයෙන් ඔප්පු වී තිබෙනවා.

වෙනත් රටවල් නළ මගින් තමන්ගේ ජනතාවට ගෑස් ලබාදුන්නේ මීට අවුරුදු 100කට කලින්. උදාහරණයක් හැටියට 1950 වෙද්දී සෝවියට් දේශයේ සියලුම නාගරික නිවාසවලට නළ මාර්ගයෙන් ගෑස් ලබාදුන්නා. නමුත රොකට් යවනවා යැයි කියන ආණ්ඩුවට ගෘහණියන්ගේ ලිපට ගෑස් ලබාදෙන්න බැරිවුණා.

ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිකිරීමෙන් හෙට දවසේ උද්ගත වන තත්වය මීට වඩා භයානකයි. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න ඩොලර් හිඟයක් තියෙනවා. මේ නිසා කළු කඩයේ ඩොලර් එකකට රුපියල් 250ක් විතර ගෙවන ව්‍යාපාරයක් තියනේනෙ. මේ නිසාම හිතුමතේ බඩුමිල ඉහළ දාන්න හැකි වෙනවා.

ඒ වගේම 2020 දී කෘෂිකර්මාන්තයෙන් ජාතික ආදායමට ලැබුණු දායකත්වය රු. කෝටි 84,000යි. මේ ජාතික ආදායම ගොවියාගේ පොහොර ප්‍රශ්නයත් එක්ක කඩා වැටෙනවා.

මේ නිසා ජනතාවගේ ආහාර ලබාගැනීම කඩා වැටෙනවා. ගොවියට පොහොර ටික නැතිවී කන්න බත් නැතිවෙනවා. ගෘහණියට ගෑස් නැතිව ලිප පත්තු වෙන්නේ නැහැ. පවතින විවෘත ආර්ථිකය තුළ අපේ රටේ සම්පත් විදේශ සමාගම්වලට දීමේ ප්‍රතිඵල අද අපි අත්විඳිනවා. ආණ්ඩුව අසමත් කියන එක අද වෙනකොට කුස්සියෙනුත් පෙන්වන්න පුළුවන්. ළමයාට අධ්‍යාපනයත් නැහැ. ලිප පත්තු කරන්න ගෑස් නැහැ. ගෘහණියට පාරට බැහැලා ගෑස් ඉල්ලන්න සිද්ධ වෙනවා නම් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ඔබව ජීවත් කරවන අලුත් ජීවිත මොඩලයක්, ජීවන දර්ශනයක් ඕනෑ බවයි.

Post Views: 17
Previous Post

අය-වැය 2022 සඳහා පලමු සාකච්ඡාව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟයි

Next Post

පාරිසරික රතු අනතුරු සංඥාව කොළ එළියක් කලේ ජනපතිගේ සහයෝගයෙන් – ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

editor

editor

Next Post

පාරිසරික රතු අනතුරු සංඥාව කොළ එළියක් කලේ ජනපතිගේ සහයෝගයෙන් - ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved