• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා ඇරඹෙයි

31 December 2020
in දේශීය

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ජනමාධ්‍යට නැවත පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වීමට අවසර ලබා දීමටද තීරණය වු බවයි.

කෙසේ නමුත් කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව සකස් කළ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පිවිසීමට ජනමාධ්‍යවේදීන්ට අවසර ලැබෙනු ඇත.

මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, නිමල් සිරිපාල ද සිල්වා සහ අලි සබ්රි යන මහත්වරුද, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා සහ මනෝ ගනේෂන් යන මහත්වරුද සහභාගී වූහ.

ජනවාරි 05 වැනි අඟහරුවාදා සිට ජනවාරි 07 වැනි බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.

ජනවාරි 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 09.30 සිට පස්වරු 04.30 දක්වාය.

 

ජනවාරි 05 වැනිදා සහ 07 වැනිදා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා විවාදයට ගනු ඇත. සභාව කල් තැබීමේ විවාදයන් පස්වරු 4.30 සිට 5.30 දක්වා පැවැත්වේ.

එළඹෙන ජනවාරි 06 වැනිදා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පස්වරු 4.30ට විවාදයට ගනු ලබන අතර, ජනවාරි 08 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව යෝජනාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇත. ජනවාරි 08 වැනිදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

ජනවාරි 05 වැනිදා සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක් විවාදයට ගැනෙන අතර, ජනවාරි 06 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පන 03 ක් විවාදයට ගැනේ.

මෙයට අමතරව ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන් තොටුපල බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනිමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.

මේ අතර එළඹෙන ජනවාරි 06 වැනි බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද දසනායක මහතා සඳහන් කළේය.

 

 

 

Post Views: 8
Previous Post

ගෝඨාට බැරි වුණොත් මං හැමදේම අතහරිනවා – ගැමුණු විජේරත්න  

Next Post

රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved