27 April 2024
#දේශීය

මගේ නමට ආණ්ඩුව බයයි – මහින්ද කියයි

ගාල්ල ක්‍රිඩාංගණයට තමන්ගේ නම යෙදීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් මතු වු බවත් ආණ්ඩුව තමන්ගේ නමට පවා බය බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අද (2) පැවැත්වූ ‘‘ජනබල සේනා‘‘ මහජන රැළියට සහභාගි වෙමින්.

එහිදී රාජපක්ෂ මහතා කියා සිටියේ රජය විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවයි.

මේ රටෙහි අනාගත පරපුරට තිබෙන භූමිය විදේශිකයන්ට විකුණා දැමීමට සූදානම් වන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව ඒකාධිපතීත්වයකට ගමන් කරමින් සිටින බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *