27 April 2024
#විදෙස්

කළු පෙට්ටිය සොයා ගැනේ

මෙක්සිකෝවේ උතුරුදිග ප්‍රදේශයකදී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට හැකිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ මෙම ගුවන් අනතුරින් පුද්ගලයන් අනූහත් දෙනෙකු තුවාල ලැබූ බවත් එයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

එසේම අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් 103 දෙනෙකු ගුවන්යානයේ සිටි අතර සියලු දෙනාගේම ජීවිත බේරුණු බවයි විදෙස් වාර්තා සදහන් කර සිටි.

කළු පෙට්ටිය සොයා ගැනීමත් සමග අනතුරට හේතුව සොයා ගැනීමට හැකිවනු ඇති බවයි ගුවන් බලධාරීන් සදහන් කොට ඇත්තේ. මෙතෙක් එම ගුවන්යානය අනතුරට පත්වීමට හේතුව අනාවරණය වී නැහැ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *