27 April 2024
#දේශීය

නුවර අවධානම් සහිත ගොඩනැගිල්ලේ විමර්ශන වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයාට බාර දෙයි

මහනුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිදෙනෙකුට මරු කැඳවු සිද්ධිය සම්බන්ධ විමර්ශන කමිටු වාර්තාව මහනුවර පළාත් ආණ්ඩුකාරවරයා වෙත භාර දීම අද (12) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

මහනුවර නගර සීමාව තුල අවධානම් තත්වයේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් පත්කරන ලද කමිටු‍ව මගින් සති 3ක විමර්ශන කාලයකින් අනතුරුව එම කමිටුටව් විමර්ශන වාර්තාව ඉදිරිපත් කර තිබේ.

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් මහතා ඇතුළු සමාජිකයන් 25 දෙනෙකුගෙත් සමන්විත වු මෙම ස්වාධීන කමිටුව මගින් මහනුවර නගරයේ තෝරාගත් ගොඩනැගිලි 20ක් පදනම් කරගනිමින් මෙම පරීක්ෂණය දියත් කර තිබු අතර, එහිදී අවධානම් මෙන්ම දැඩි අවධානම් මට්ටමේ පවතින ගොඩනැගිලි කමිටුව විසින් හදුනාගෙන ඇත.

වාස්තු විද්‍යාව, ගොඩනැගිලි රෙගුලාසි,භූ විද්‍යාව,භූ තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව,ජල හා අප ජල කළමනාකාරණය යන ක්ෂේත්‍ර පදනම් කරගනිමින් අදාල විමර්ශන කටයුතු ක්‍රියාවට නැංවීමට තම කමිටුව කටයුතු කළ බවත් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන සහ පාසල් සිසුන් වෙත අවධානමක් වන පරිදි ඉදිකරඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු කළ බවත් අවධානම් ගොඩනැගිලි පිළිබදව කටයුතු කළ යුතු ආකාරයන් පිළිබදව නිර්දේශයන්ද ඇතුලත් කර මෙම වාර්තාව සකසා ඇති බවත් මෙහිදී මහාචාර්ය එස්.බී.එස්.අබේකොන් මහතා සදහන් කර සිටියේය.

සුරක්ෂිත පරිසරයක් ජනතාවට තහවුරු කිරීම සදහා අදාල වාර්තාව අධ්‍යනයෙන් පසු කඩිනම් පියවර ගනු ලබන ‍බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය

Leave a comment

Your email address will not be published. Required fields are marked *