27 April 2024
#දේශීය

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවා සියලු ප්‍රාදේශිය කාර්යාල හරහා

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා මාධ්‍ය වෙත නිවේනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

අදාළ නිවේදනය මඟින් ඔවුන් පෙන්වාදෙන්නේ, කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්වලට අදාළ සියලු කටයුතු සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත විමධ්‍යගත කර ඇති බවය.

එබැවින් ප්‍රාදේශයේ කම්කරු කාර්යාලය විසින් අදාළ සේවාවන් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද එම නිවේදනය මඟින් ඉල්ලා තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *