27 April 2024
#දේශීය

නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

ඊට අදාළ පත්වීම් ලිපිය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ අතින් අද (12) අධිකරණ අමතාංශයේදී ලිපිය ලබා ගැනීම සිදු විය.

නීතිඥවරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහා භාරකාර ලෙස හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති ) තනතුරේ ද නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා කටයුතු කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *