• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දියාවේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය ශ්‍රී ලාංකික චිත්‍රපට සංරක්ෂණය කිරීමට සැරසෙයි

27 March 2021
in දේශීය

පූනේහි පිහිටි ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය (NFAI) ඔවුන්ගේ සංරක්ෂිත පහසුකම තුළ ශ්‍රී ලාංකික චිත්‍රපට සුරැකීමට සූදානම්ව සිටින බව විදේශ අමාත්‍යංශය පවසයි.

ඒ, චිත‍්‍රපට සංරක්‍ෂණ හා ප‍්‍රතිෂ්ඨාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති විය හැකි සහයෝගීතාව පිළිබඳව 2020 දෙසැම්බර් මාසයේ දී මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මිය සහ ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයේ ප‍්‍රධානී ප‍්‍රකාශ් මැග්ඩම් මහතා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකික චිත්‍රපට 20-30 ක පමණ සංඛ්‍යාවක් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

ඉන්දියානු සිනමා උරුමය සුරැකීම සඳහා අනිවාර්ය කර ඇති ඉන්දියාවේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය ලෝක සිනමාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයේ විවිධ ප්‍රමාණයේ ගබඩා කුටි 27 ක් සහ මුළු ප්‍රතිෂ්ඨාපන ධාරිතාව රීල් 200,000 ක් වන අතර, එහි වර්ණ සහ කළු සුදු චිත්‍රපට සඳහා වෙනවෙනම පහසුකම් පවතී. සෙලියුලොයිඩ් සහ ඩිජිටල් යන දෙවර්ගයේම චිත්‍රපට සඳහා පහසුකම් සපයන නව පහසුකමක් ඉදිකිරීම සඳහා ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය මේ වන විට කටයුතු කරමින් සිටින අතර, එය මාස 18 ක් තුළ දී නිම කෙරෙනු ඇත.

චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, වසර 2 ක කාලයක් තුළ දී චිත්‍රපට 5000 ක් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය විසින් සිදු කරනු ලැබේ.

මෙම ආයතනයේ භාවිත වන නවීන තාක්‍ෂණය සහ එහි සිටින ඉහළ නිපුණතා සහිත ප්‍රතිෂ්ඨාපන කලාකරුවන් සැලකිල්ලට ගනිමින්, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකික චිත්‍රපට ඩිජිටල්කරණය කිරීම සහ ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකයින්ට ඩිජිටල්කරණය පිළිබඳ තාක්ෂණික පුහුණුව ලබා දීම සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන ලෙස ද කොන්සල් ජනරාල්වරිය ඉල්ලා සිටියාය.

 

Post Views: 17
Previous Post

පරිසරය රැකගැනීමට නායකත්වය දෙන්නේ ගෝඨාභය බව ඩලස් කියයි

Next Post

ග්‍රාමීය ආර්ථිකය නැංවීමට වැඩසටහන් රාශීයක් ක්‍රියාත්මක කර තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

editor

editor

Next Post

ග්‍රාමීය ආර්ථිකය නැංවීමට වැඩසටහන් රාශීයක් ක්‍රියාත්මක කර තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved