27 April 2024
#දේශීය

ඉදිරි සති දෙක තීරණාත්මකයි… හැකිතාක් නිවෙස්වල රැදෙන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක

කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රටේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරි සති දෙක තුළ තීරණාත්මක විය හැකි නිසා අත්‍යවශ්‍ය කරුණකට හැර එළියට නොගොස් හැකි තාක් නිවෙස්වලටම වී සිටින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එසේම කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව කටයුතු කළහොත් රටේ තත්ත්වය තීරණාත්මක වන බව වෛද්‍යවරයා කියා සිටියේය.

එසේම ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ පැයක් තුළදී මෙරට සිදු වන මරණ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ද වාර්තා වේ. මේ අතර
ඉදිරි සති දෙකක කාලය තුළදී මෙරටින් වාර්තා විය හැකි කොවිඩ් මරණ සංඛ්‍යාව , ඉහළ යා හැකි බව අමෙරිකානු වොෂින්ටන් සරසවිය නිකුත් කළ නවතම දත්ත විශ්ලේෂණයක දක්වා ඇති බව සඳහන්.

 

දෙසැම්බර් මස 01 වැනිදා වන විට මෙරට මරණ සංඛ්‍යාව 12,000ක් වනු ඇතැයි ද, එය උපරිමය 23,000ක් දක්වා ඉහළ යා හැකි යැයි ද එම විශ්ලේෂණයේ සඳහන්.

 

 

 

The next two weeks are crucial … Stay home as long as possible – Director of Health Services

Dr. Asela Gunawardena, Director General of Health Services, says that with the rapid spread of the Kovid virus, the health of the country could be critical in the next two weeks.

as well as
The doctor said that the situation in the country would be critical if the people did not follow the Kovid suppression health advice.

It is also reported that with the rapid spread of the Delta variety, the number of deaths in Sri Lanka has increased to 5 in an hour. Meanwhile
According to the latest data released by the University of Washington, the number of Kovid deaths in Sri Lanka is likely to increase in the next two weeks.

 

According to the analysis, the number of deaths in Sri Lanka will be 12,000 by December 1 and could reach a maximum of 23,000.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *