• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට යළි ගොඩනැඟීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් – ජනපති

11 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට භාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට බව පැවසූ ජනාධිපතිවරයා අප තීන්දු තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25ක ඉදිරිය ගැන සිතා බව පැවසීය.

සංවර්ධිත රටක් කරා යන ගමනට තරුණ තරුණියන් දායක කර ගැනීමේ වැඩපිළිවෙල මේ වන විටත් රජය අරඹා ඇති බව පැවසූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණ නියෝජිතයින් පත් කිරීමට යෝජනා කර තිබෙන බව ද සඳහන් කළේය.

2023 වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමිව “ජාතික තරුණ වේදිකාවක්” නිර්මාණය කර තිබෙන බවත්, සිංගප්පූරුව, ජපානය, චීනය සහ කලාපයේ අනෙකුත් සංවර්ධිත රටවල ආර්ථිකය මෙන් දියුණු ආර්ථිකයක් කරා අප යන ගමනට අත්වැලක් වන අයුරින් එම තරුණ වේදිකාව පැවැත්විය යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සහභාගී වන ලෙසද තරුණ තරුණියන්ට ආරාධනා කළේය.

ගෝලීය අර්බුදයක් වී ඇති දේශගුණික විපර්යාස ගැටළු අවමකර ගැනීම සඳහා තරුණ තරුණියන්ගේ අර්ථවත් අදහස් ලබාගැනීම සඳහා දියත් කළ දේශගුණික විපර්යාස වැඩසටහන සමඟ එක් වන ලෙස ද ජනාධිපතිවරයා ලියෝ සාමාජිකයන්ට ආරාධනා කර සිටියේය.

දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජ විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබු “බීජ පත්‍රිකාව” ඇගයීමට ලක් කළේය.

306 C – 2 ලියෝ සමාජයේ දිස්ත්‍රික් සභාපති ලියෝ ඉඳුනිල් උදාර පලිහවඩන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වූ අතර ලියෝ සාමාජිකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, සිංහ ලසන්ත ගුණවර්ධන, සිංහ සමාජයේ දිස්ත්‍රික් අධිපති සිංහ බෙනට් ගම්ලත්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්.වී.එස්. ගුණතිලක, ප්‍රධාන ශිෂ්‍ය නායක කවිෂ රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

මාතලේ තරුණ තරුණියන්ට නායකත්ව පුහුණුවක්

Next Post

ජාත්‍යන්තර භික්ෂු නියෝජිත පිරිසක් කථානායකවරයා හමුවෙති

editor

editor

Next Post

ජාත්‍යන්තර භික්ෂු නියෝජිත පිරිසක් කථානායකවරයා හමුවෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved