27 April 2024
#දේශීය

ජාත්‍යන්තර භික්ෂු නියෝජිත පිරිසක් කථානායකවරයා හමුවෙති

ජාත්‍යන්තර බෞද්ධ ජාලයක් නියෝජනය කරන භික්ෂු භික්ෂුණින් වහන්සේලා පිරිසක් පසුගියදා කථානායක මහින්ද යාපා අබෙව්ර්ධන මහතා හමුවූහ.

මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරන භික්ෂූ භික්ෂූණින් වහන්සේලා මෙම පිරිසට අයත් විය.

ශ්‍රී ලංකාවේ සිටින භික්ෂුණීන් වහන්සේලාට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට අවකාශයක් නොමැතිවීම සම්බන්ධයෙන් මෙරට දූත පිරිසේ භික්ෂුණීන් වහන්සේලා කථානායකවරයාගේ අවධානයට ලක් කළහ. මේ නිසා තරුණ භික්ෂුණීන් වහන්සේලාට රාජ්‍ය විභාගවලට සහභාගි වීම ද ගැටලුවක් බවට පත්වී ඇති බව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, රවුෆ් හකීම්, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහූද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *