27 April 2024
#දේශීය

මාතලේ තරුණ තරුණියන්ට නායකත්ව පුහුණුවක්

ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සංකල්පයක් මත “නායකත්ව හා පෞරුෂත්ව සංවර්ධන වැඩසටහනක් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයිය චාර්ල්ස් රොබින්සන් ශාලාවේදී පැවැත්විණි.

වෘත්තීය රංගන ශිල්පීන්, වෘත්තීය නිවේදකයින් වැනි වෘත්තීයවේදීන් බිහිකිරීමේ පරමාර්ථයෙන් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා ජනප්‍රිය සම්මානනීය නිර්මාණකරුවන් වන සම්මානනීය රංගන ශිල්පී රුවන් පෙරේරා, ජනප්‍රිය ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද, ප්‍රවීණ සම්මානනීය නිවේදිකා දිනූෂා රාජපතිරණ යන මහත්ම මහත්මීන් සහභාගීත්වයෙන් පැවති අතර මේ සදහා තරුණ තරුණියන් පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *