• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපනය ඩිජිටල්කරණය පිළිබඳ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කරනවා- ඇමැති සුසිල්

20 February 2024
in දේශීය, පුවත්
සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

2024 වසරට අදාළ පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ” 2024 වසරට අදාළ පාසල් පෙළ පොත් මේ වන විට 100%ක් පර්යන්ත වෙත යවා අවසන් කර තිබෙනවා. එය පාසල් මට්ටමින් බෙදාහැරීමේ කටයුතු මාර්තු මස පළමු වනදා වන විට අවසන් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 12,000ක් වනවා. ඒ වගේම පාසල් ළමුන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 80%ක ප්‍රමාණයක් එනම් රුපියල් බිලියන 05ක් වටිනා රෙදි තොගයක් චීන ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ අපට ලැබී තිබෙනවා. එහි බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ඒ වගේම ඉතිරි 20% හෙට දිනයේ ලැබීමට නියමිතයි. එමෙන්ම මෙම වසරට අදාළ පාසල් කාලසටහන් සහ වාර සටහන් මේ දිනවල සකස් කරමින් සිටිනවා. ඒ අනුව මේ වසර අවසානය වන විට උසස් පෙළ විභාගය ද නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සකස් කරමින් සිටිනවා. ඊට අදාළ කටයුතු ඉදිරි සති දෙක තුන ඇතුළත චක්‍රලේඛයක් මඟින් පාසල් වෙත ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම දරුවන් පාසල් නොයෑම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් ප්‍රකාශ සිදුකරමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව උපත් සංඛ්‍යාවේ අඩුවීම ද පාසල් වෙත ළමුන් ඇතුළත් වන ප්‍රමාණය අඩු වීමට හේතුවක් වී තිබෙනවා. එය 0.17% ප්‍රමාණයක් බව සඳහන් කළ යුතුයි. එමෙන්ම ගුරු හිඟය සම්බන්ධ ගැටලුව සිදුව ඇත්තේ අධිකරණ කටයුත්තක් නිසයි. ඉන් එක් නඩු කටයුත්තක් වන්නේ ගුරු පුරප්පාඩු සඳහා වන බඳවා ගැනීම් නවතාලමින් තහනම් නියෝගයක් ගෙන තිබීමයි. මේ හේතුවෙන් ගුරු පුරප්පාඩු පිරවීම මාස 10ක් දක්වා කල් ගොස් තිබෙනවා. ලබන සති දෙක තුළ අධිකරණ තීන්දුව ලැබුණහොත් ඉතා කඩිනමින් එම ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ හැකියාව පවතිනවා. ගුරුවරුන් 20,000කගේ පුරප්පාඩුව දරුවන්ට දැඩි ලෙස බලපා තිබෙනවා. එමෙන්ම සේවය හැර ගිය සහ විදෙස් ගත වූ ගුරුවරුන් වෙනුවෙන් පළාත් මට්ටමින් පුරප්පාඩු 13,500ක් පවතිනවා. නමුත් එම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ද අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම ගැටලුවට අදාළ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කළහොත් කඩිනමින් එම බඳවා ගැනීම් ද සිදුකිරීමට අපට හැකියාව තිබෙනවා. මීට අමතරව විද්‍යා හා තාක්ෂණ මට්ටමේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම්වලට අදාළ විභාගය ගුරුසේවා ව්‍යවස්ථාව අනුව මාර්තු මුල සතියේ පවත්වා මාර්තු මස අග වන විට බඳවා ගැනීම් කිරීමට මේ වන විට කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ වගේම පාසල් දිවා ආහාර වෙනුවෙන් රුපියල් බිලියන 16ක් අය වැය මඟින් වෙන්කර තිබෙනවා. ඊට අමතරව දරුවන් ලක්ෂ දෙකකට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් USAID ආයතනය මඟින් ගිවිසුම් අත්සන් කිරීම සිදුකළා. එමෙන්ම මවුපියන්ට ලබාදෙන උපදෙස් සඳහා පන්ති කව පැවැත්වීම් අදින් ආරම්භ කළා. මෙහිදී මාර්ග ආරක්ෂණය, මත්ද්‍රව්‍යයන්ගෙන් වැළැක්වීම සහ විවිධ අතවරයන්ගෙන් වැළැක්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ආරක්ෂාවීම පිළිබඳව උපදේශනයන් පැවැත්වීම ආරම්භ කළා. ඒ වගේම මෙවර උසස් පෙළ අවසන් වූ සිසුන් වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන කාලය අතරතුර දිවයිනේ මධ්‍යස්ථාන 300ක් ආවරණය වන පරිදි පස්වරු 02.00 සිට 04.30 දක්වා වෘත්තීය හා තාක්ෂණ මාර්ගෝපදේශන පාඨමාලා ආරම්භ කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම අධ්‍යාපනය ඩිජිටල්කරණය පිළිබඳ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් මයික්‍රෝසොෆ්ට් ආයතනය සහයෝගය ලබා දෙනවා යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5,285
Previous Post

“භාරත්-ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Next Post

පාසලකට ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න බැරි වුණාට වැඩක් නැති ලෝක සවාරි එමටයි – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

පාසලකට ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න බැරි වුණාට වැඩක් නැති ලෝක සවාරි එමටයි - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved