• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

7 June 2024
in දේශීය, පුවත්
උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් ඒ සඳහා එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර දී තිබෙන බවත් ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පවසයි. පසුගිය සමයේ පසුබෑමට ලක්ව තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙන අතර ඒ සමඟ ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ජනතාව අද වන විට යම් ප්‍රමාණයකට තම අවශ්‍යතා සපුරා ගනිමින් සිටිනවා. මේ වන විට වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල රජයේ දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුබෑමට ලක්ව තිබූ මේ රටේ ආර්ථිකය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කළ නිසයි. එමනිසා පසුගිය සමයේ පැවති තත්ත්වයට සාපේක්ෂව ජනතාව ද යම් ප්‍රමාණයකට තම අවශ්‍යතා සපුරා ගනිමින් සිටිනවා. ආර්ථික වශයෙන් දුර්වලව සිටි ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා. ඒ වගේම ජනාධිපතිවරයා “උරුමය” වැඩසටහන යටතේ ලක්ෂ 20ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කර තිබෙනවා. පසුගියදා උතුරු පළාතට පැමිණි ජනාධිපතිවරයා අප පළාතේ එම ඉඩම් ඔප්පු ලබාදීම ආරම්භ කළා. ඒ යටතේ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 18,000ක් පමණ සහ වවුනියා දිස්ත්‍රික්කය සඳහා ඉඩම් ඔප්පු 10,000ක් පමණ ලබා දීමට නියමිතයි. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ද ඉඩම් ඔප්පු 12,000ක් පමණ ලබාදීමට සැලසුම් කර තිබෙනවා. එසේම එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය නැංවීම සඳහා එළුවන් මෙන්ම වගා කටයුතු වෙනුවෙන් බීජ බෙදාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. තවද ආර්ථික අර්බුද සමයේ අතර මඟ නතර වූ කිලෝමීටර් 15ක පමණ මාර්ග සංවර්ධන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. තවද යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඒ වෙනුවෙන් එම ප්‍රදේශය නියෝජනය කරන සිටින මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද වෙන්කර දී තිබෙනවා. ඒ වගේම යුධ සමයේදී තම ඉඩම් අහිමි වු ජනතාවගේ ඉඩම් යළි ලබාදීමේ වැඩ කටයුතු ද ආරම්භ කර තිබෙනවා. අප ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ සංචාරයේ දී විශේෂ අවධානයක් යොමු කෙරුණා. එහිදී පුත්තලම ඉලවංකුලම් හරහා මරිචුක්කට්ටි, මන්නාරම ඔස්සේ යාපනය දක්වා දිවෙන මාර්ගය විවෘත කිරීමේ අවශ්‍යතාව ද අප විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. පසුගිය දිනවල අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විශාල ජනතාවක් ආපදාවට ලක්වුණා. එම ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 18,789
Previous Post

ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහාය අත්‍යවශ්‍යයයි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

Next Post

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි

editor ttvnews

editor ttvnews

Next Post
පාර්ලිමේන්තුව වාරාවසාන කෙරේ… පස්වන සැසිවාරය ලබන 07 වනදා

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved