• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

2 April 2023
in දේශීය

“ගුවන් හමුදා හෙරළි පෙරළි” නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ (01) ආරම්භ කෙරිණි.

රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණයි.

මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරේ.

කොස් පැල වගාව සම්බන්ධයෙන් ලියවුණු “ගුවන් හමුදා හෙරළි පෙරළි”ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි .

ගුවන් හමුදා හෙරළි පෙරළි ග්‍රන්ථයේ කොස් වගාවට අමතරව ඒ හා සබැඳි නිෂ්පාදන පිළිබඳව අන්තර්ගත වී තිබීම ද විශේෂත්වයකි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 25
Previous Post

ජනපති රනිල් අවුරුදු 20 කට කලින් කියපු එව්වා තමා අපි දැන් කරන්නේ – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved