සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන තිබේ.
එසේම දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය යටතේ පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා සහ සෙසු සේවා සැප්තැම්බර් 06 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කළ නිරෝධායන ඇඳිරි නීති කාලය තුළද පවත්වාගෙන යාමට අවසර හිමි වන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.