• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතුයි – ඇමති ප්‍රසන්න

19 February 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට පසුගිය සිකුරාදා (16) දින සහභාගි වෙමිනි. එය පැවැත්වුණේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

කදුකර දශකය සහ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්වලදී මහජන නියෝජිතයන්ගේ සහ ජනතා සහභාගීත්වය අනිවාර්ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු අවධාරණය කරන්නේ කදුකර දශකය සංවර්ධන වැඩසටහනේ යෝජනා ලබා ගැනීම මේ මස 29 වැනිදා වන විට අවසන් කරන බවයි.

මෙහිදී අදහස් දක්වමින් ඇමතිවරයා සදහන් කළේ මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ක, ග්‍රාම නිළධාරී වසම් 567 ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, හාලිඇල, හපුතලේ, හල්දුම්මුල්ල, කන්දකැටිය, ලුණුගල, මහියංගනය, මීගහකිවුල, පස්සර,රිදීමාලියද්ද, සොරණාතොට, ඌව පරණගම සහ වැලිමඩයි.

මෙම වැඩසටහන සිදු කර ගෙන යාමේදී මතුවන තාක්ෂණික ගැටළු හා වෙනත් ගැටළු සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී සාකච්ඡා කර විසදුම් ලබා ගත හැකි බවද අමාත්‍යාවරයා සඳහන් කළේය.

ග්‍රාමීය කමිටු හරහා හදුනා නොගත් ව්‍යාපෘති යෝජනා අනුමත නොකරන්නැයි අමාත්‍යවරයා මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

සංවර්ධන යෝජනා ලබා ගැනීම මේ මස අවසන් කෙරුණද නැවත යෝජනා සළකා බැලීම සඳහා තවත් සති දෙකක් කාලයක් ලබා දීමටද මෙහිදී අවධානය යොමු විය.

කදුකර දශකය වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ක්‍රියාත්මක කරන්නේ ගමට ගැලපෙන සංවර්ධන යෝජනා ජනතාවගෙන්ම ලබා ගෙන එය ක්‍රියාත්මක කිරීමේ අරමුණින්. මේ වැඩසටහන මාර්තු මාසය වනවිට ආරම්භ කර ජුලි 31 වැනිදා වනවිට අවසන් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පී.එස්.පී. අබේවර්ධන යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 8,445
Previous Post

නව ජනාධිපති නොවැම්බර් 17 ට පෙර දිවුරුම් දිය යුතුයි – මහාචාර්ය ජී.එල්.පීරිස්

Next Post

ව්‍යාජ ඉන්දීය විරෝධයට 60,000 ක් බිළිදුන් අය අද ඉන්දියාවේ මිතුරන් වෙලා – ඇමැති මනුෂ

editor ttvnews

editor ttvnews

Next Post
කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් – ඇමති මනූෂ

ව්‍යාජ ඉන්දීය විරෝධයට 60,000 ක් බිළිදුන් අය අද ඉන්දියාවේ මිතුරන් වෙලා - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved