• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැසිනෝ ව්‍යාපාර පනත යටතේ නියමය සහ නියෝග සඳහා දැඩි කෝන්දේසි සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

9 December 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ නියමය සහ නියෝගය සඳහා දැඩි කොන්දේසි සහිතව පසුගියදා (06) වනදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතිය හිමි විය.

මෙම තීරණය ගෙන ඇත්තේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වු අවස්ථාවේදිය.

මීට පෙරද මෙම නියමය සහ නියෝගය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ අතර මෙය අනුමත කර ගැනීම සඳහා පසුගිය 05 වැනිදා කාරක සභාව වෙත ඉදිරිපත් ‌කෙරිණි.

නමුත් කැසිනෝ නියාමන ආයතනයක් පිළිබඳව ක්‍රියාකාරී සැලැස්ම සහ කාලරාමුව ඇතුළු තොරතුරු ප්‍රමාණවත් නොවන බැවින් එම තොරතුරු 06 වැනි දිනයේ කාරක සභාව වෙත ඉදිරිපත් කොට මේ සඳහා අනුමතිය ලබාගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.

මේ අනුව මෙදින එම ක්‍රියාකාරී සැලැස්ම සහ කාල රාමුව ඉදිරිපත් කිරීම හා ඉන්දියාව, මැලේෂියාව, බංගලාදේශය යන රටවල කැසිනෝ ව්‍යාපාරය සඳහා බදු අයකරගැනීම පිළිබඳ නිදසුන් සහිතව තොරතුරු ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිදු කරන ලදි.

මෙහිදී 2024 වර්ෂය දක්වා කාල රාමුවක් සහිත සැලැස්මක් නිලධාරීන් මෙහිදී ඉදිරිපත් කළ අතර කාරක සභාවේ සභාපතිවරයා එය සලකා බලා එම කාලසීමාව වැඩි බවත් මේ සම්බන්ධ නීතිමය කටයුතු, අනුමැතින් ලබාගැනීම ඇතුළු සියලු කටයුතු 2023 සැප්තැම්බර් මස අග වන විට අවසන් කළ යුතු බවත් නිර්දේශ කරන ලදි.

මේ අනුව එම ලබාදුන් ක්‍රියාකාරී සැලැස්ම සහ කාල රාමුව අනුව කටයුතු සිදු කරන්නේද යන්න රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට යටත්ව මේ සඳහා අනුමැතිය ලබාදීම සිදු විය.

මෙහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත 2010 වසරේ සිට බලාත්මක වී වසර 12ක් වැනි දීර්ඝ කාලයක් ගතවී තිබුණද නියාමනය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනයක් නොමැති වීම ගැටලු සහගත බවයි. එසේම මෙම සකස්කොට ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුවද ඉක්මනින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම වැදගත් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, (නීතීඥ) චන්දිම වීරක්කෝඩි, එම්. ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කාවින්ද ජයවර්ධන, ප්‍රේම්නාත් සී දොලවත්ත, මධුර විතානගේ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.

Post Views: 3
Previous Post

රාජපක්ෂ පවුල රනිල්ගෙන් හයියෙන් ඔලුව උස්සන්න හදනවා – විපක්ෂනායක සජිත්

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ගයාශාන් නවනන්ද ශුරතා රැසකට ජය

editor

editor

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ගයාශාන් නවනන්ද ශුරතා රැසකට ජය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රිමියර් ලීගයේ ප්‍රසාද ලකුණු 40 සීමාව  පසුකරමින් සන්ඩර්ලන්ඩ් පෙරළියක් සිදු කරයි

ප්‍රිමියර් ලීගයේ ප්‍රසාද ලකුණු 40 සීමාව පසුකරමින් සන්ඩර්ලන්ඩ් පෙරළියක් සිදු කරයි

4 March 2026
ඉරානයට එල්ල කළ ප්‍රහාර  ජාත්‍යන්තර නීතියට පටහැනි -කැනඩා අගමැති

ඉරානයට එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතියට පටහැනි -කැනඩා අගමැති

4 March 2026
ඉන්දියාව ප්‍රබල වුවත් පරාජය කළ හැකි බව මයිකල් ඇතර්ටන් පවසයි

ඉන්දියාව ප්‍රබල වුවත් පරාජය කළ හැකි බව මයිකල් ඇතර්ටන් පවසයි

4 March 2026
ෆුජයිරා තරගාවලිය අවලංගු කෙරේ

ෆුජයිරා තරගාවලිය අවලංගු කෙරේ

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එල්ටන් ජෝන්ගේ පවුලේ සේයාරුවක්  ලන්ඩනයේ ජාතික ප්‍රතිමූර්ති කලාගාරයට බ්‍රිතාන්‍ය සංස්කෘතික ඉතිහාසයේ සලකුණක් ලෙස ප්‍රදර්ශනයට තැබෙයි

එල්ටන් ජෝන්ගේ පවුලේ සේයාරුවක් ලන්ඩනයේ ජාතික ප්‍රතිමූර්ති කලාගාරයට බ්‍රිතාන්‍ය සංස්කෘතික ඉතිහාසයේ සලකුණක් ලෙස ප්‍රදර්ශනයට තැබෙයි

4 March 2026
යුද උණුසුම මැද තමන් ඩුබායිහි ආරක්ෂිත බව යෝ යෝ හනි සිං පවසයි

යුද උණුසුම මැද තමන් ඩුබායිහි ආරක්ෂිත බව යෝ යෝ හනි සිං පවසයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved