• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් දෙයක් නෑ -ඇමැති බන්දුල

13 February 2024
in දේශීය, පුවත්
මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් දෙයක් නෑ -ඇමැති බන්දුල

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධ දුර්වල දැනුමක් සහිත කණ්ඩායම් ජනතාව හමුවේ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම වචනවලින් පමණක් සිදු කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

2023 වසරේ බදු පැනවිම තුළින් ලබාගත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3201ක් වන බවත් සහනාධාර, වැටුප් බිල් සහ රාජ්‍ය ණය බිල්පත් සඳහා භාණ්ඩාගාරයෙන් වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4394ක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය වියදම්වලින් අඩු කරන්නේ කුමන කොටසද යන්න විකල්ප මත දරන කණ්ඩායම් ජනතාවට ප්‍රකාශ කළ යුතු බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා මාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා “ ජනාධිපතිවරයා රාජාසන කතාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් නොමැති බව ප්‍රකාශ කළා. 2022 දී රටේ තිබූ ආර්ථික අර්බුදය ගැන ජනතාව දන්නවා. එතනින් රට මුදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අද යම් සාධනීය තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත්ව තිබෙනවා. පසුගිය වසර දෙස බැලූ විට සියලුම බදු මුදල් එකතු කර ලබාගත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3201ක් වෙනවා. ඒ සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මඟින් රුපියල් බිලියන 1550ක්, ශ්‍රී ලංකා රේගුව මඟින් රුපියල් බිලියන 923ක්, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රුපියල් බිලියන 169ක් හා මෝටර් රථ දෙපාර්තමේන්තුව මඟින් රුපියල් බිලියන 20ක ආදායමක් ලබාදී තිබෙනවා. මෙම මුදල මහා භාණ්ඩාගාරයට ලැබුණු ආදායමයි. නමුත් පසුගිය වසරේ මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කළ මුදල් ප්‍රමාණය බැලූ විට රුපියල් බිලියන 4394ක් වෙනවා. සහනාධාර, රාජ්‍ය ණය සහ රාජ්‍ය වැටුප් මේ සඳහා එකතු වී තිබෙනවා. මීට අමතරව යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා රුපියල් බිලියන 13,292ක් භාණ්ඩාගාරයෙන් වියදම් කර තිබෙනවා. ඉන්ධන අඛණ්ඩව ලබාදෙමින්,ගෑස් පෝලිම් නැති කරමින්, විදුලි කප්පාදු නැති කරමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නියමිත දිනට ලබා දෙමින් ජනාධිපතිවරයා ගෙනගිය ආර්ථික වැඩපිළිවෙළට වෙන විකල්පයක් නැති බව ඔප්පු කර තිබෙනවා. කවුරුන් කුමන කණ්ඩායමක් බලය ලබා ගැනීම සඳහා විවිධ අසත්‍ය ප්‍රකාශ වේදිකාව මත ප්‍රකාශ කළද එම කණ්ඩායම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සිදුකරන වැඩපිළිවෙළ කුමක්දැයි ජනතාවට පැවසිය යුතුයි. ඔවුන් කප්පාදු කරන්නේ සහනාධාර කොටසද? එසේ නොමැති නම් රාජ්‍ය ණය කොටසද? රාජ්‍ය වැටුප් කොටසද යන්න ජනතාවට ප්‍රකාශ කළ යුතුයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ආර්ථික ස්ථායීකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම්වලට තිබෙන දැනුම දුර්වලයි. ජනතා විමුක්ති පෙරමුණේ යම්කිසි පිරිසක් ආණ්ඩුකරණය සඳහා සහභාගි වී තිබෙන කාලය ඉතාම කෙටි කාලයක්. ඔවුන් එවකට දිනාගත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවත් නිසි ආකාරයෙන් කළමනාකරණය කරගත නොහැකිව නැවත අනෙක් දේශපාලන කණ්ඩායම් වෙත බලය ලබාදීමට ජනතාව තීන්දු කළා. 2003 වසරේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික අර්බුදයක් යළි ශ්‍රී ලංකාවට ඇති නොවීමට පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක මට්ටමක තබාගැනීම, රාජ්‍ය ණය ප්‍රමාණය 60% ප්‍රමාණයක පවත්වාගෙන යාම වැනි කාරණා පනතට අන්තර්ගත වුණා. නමුත් එය ක්‍රියාත්මක කිරීමට ඊළඟට පැමිණි ආණ්ඩුවලට හැකියාව තිබුණේ නැහැ. එම නිස 2022 වසරේදී ආර්ථික අර්බුදයක් ඇති වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආර්ථික අර්බුදය නිමා කරමින් රට ඉදිරියට ගෙන ඒමට කටයුතු කළා යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7,444
Previous Post

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වාසි රැසක් – මහබැංකුව

Next Post

“DFCC Remittance” සේවාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් එවීමේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
“DFCC Remittance” සේවාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් එවීමේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වෙයි

“DFCC Remittance” සේවාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් එවීමේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved