• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උද්ඝොෂණයේදී අත්අඩංගුවට ගත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගන්නේ නෑ – අගමැති

31 August 2022
in දේශීය

ශිෂ්‍ය ව්‍යාපාර විසින් ඊයේ (30) පැවැත් වු උද්ඝෝෂණයේදී යමෙක් අත්අඩංගුවට ගෙන ඇත්නම් ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බව , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, රටේ සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරනවා විනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු නොවන බවයි. රැස්වන ස්ථානය පොලීසියට කලින් දැනුම් දී තිබුණද ගමන් කරන ආකාරය දැනුම් දී නොතිබූ බවත්, මූලික අයිතිවාසිකම් යනු එක් පුද්ගලයෙකුගේ නොව අනෙකුත් ජනතාවගේද අයිතිවාසිකම් බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා කිසිවෙකුට අවහිර නොවන ආකාරයේ වාතාවරණයක් පවත්වා ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව කැප වී සිටින බවත් සඳහන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගමන් කිරීම වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරන බවද ඔහු කියා සිටියේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ සර්ව පාක්ෂික එකඟතාවයකින් ආර්ථික, මූල්‍ය ප්‍රශ්නයෙන් රට ගොඩනැඟීමට කටයුතු කරන ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය. ” ගරු කථානායකතුමනි, විරුද්ධ පක්ෂ නායකතුමා හදිසියේ ඊයේ ඇතිවුණු සිදුවීම ගැන ප්‍රශ්න කළා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි, ඒවාගේම මූලික අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකදීම කැපවුණු ක්‍රියාමාර්ගයක තමයි අපේ ආණ්ඩුව මහජන නියෝජනය ක්‍රියාත්මක කරන්නෙ. මම ඉතිහාසයට හැරෙන්නේ නැහැ. මම ඉතිහාසයට යළිත් සිහි ගන්වන්නෙත් නෑ. නමුත් අපි වර්තමානයේ රට මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදය කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. විරුද්ධ පක්ෂයේ නායකතුමා ඉඳගෙන ඉන්නවා නම් තමන්ගේ ආසනයේ වඩා හොඳයි. එතුමා ප්‍රශ්නයක් අහලා හදිස්සි ප්‍රශ්නයක්ය කියලා, ඉතිං මම අගය කරනවා, එතුමා තමන්ගේ ආසනයේ ඉන්නවා නම්. මොකද මගෙන් හදිස්සි පිළිතුරක් බලාපොරොත්තු වුණ නිසා. එතුමා ප්‍රධාන වශයෙන් අහපු ප්‍රශ්නය, ඊයේ එම ශිෂ්‍ය ව්‍යාපාරය කලින් පොලීසියට දැනුම් දීලා තිබුණා. ඒ රැස්වෙන තැන පිළිබඳ දැනුම් දීලා තිබුණා. එතනින් එහාට සිදුවීම් පිළිබඳ හෝ ගමන් කරන ආකාරයන් පිළිබඳ දැනුම් දී තිබුණේ නෑ. ගිය ආණ්ඩු කාලේ, ඔබතුමාලගේ ආණ්ඩු කාලෙත් කලින් දැන්වීම පොලිසිය සිදු කළ යුතුයි කියන එක සාමාන්‍ය එකඟතාවයක් මත ක්‍රියාත්මක වුණු ප්‍රතිපත්තියක්. එතනින් එහාට මූලික අයිතිවාසිකම් කියන්නේ එක පුද්ගලයෙක්ගේ මූලික අයිතිවාසිකම් පමණක් නෙවෙයි, අනිත් ජීවත් වන සියලු දෙනාගෙත් අයිතිවාසිකම්. ඒ නිසා කාටවත් අවහිරයක් නොවන ආකාරයේ, කටයුතු කරන්න පුළුවන් වාතාවරණය වෙනුවෙන් අපි කැපවී සිටිනවා. ඒ නිසා යම්කිසි කෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නම්, ඒ අරගෙන ති‍බෙන කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වෙන‍කොට අපට දන්වලා තිබෙනවා. සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම කෙනෙක්ට යම් යම් තනි ක්‍රියාමාර්ග තුළ ඇති කරන්නා වූ මහජන උද්‍ඝෝෂණ හා මහජන අවහිරතාවයන් කියන දෙකම සැලකිල්ලට ගැනීම පොලිසියේ වගකීමක්. මොකද, අපි සියලු දෙනාම නීතිය හා සාමය ආරක්ෂා කිරීම එම ආයතන මඟින් බලාපොරොත්තු වෙන නිසා. ඉතින් මම හිතනවා, කලබල වෙන්න දෙයක් නැහැ ප්‍රශ්නය අහපු එක හොඳයි. අපේ පරණ මිත්‍රයන් කීප දෙනෙක් එහා පැත්තේ එහාට මෙහාට ඇවිදිනවා. මෙහා පැත්තෙත් එහාට මෙහාට ඇවිද ඇවිද හිටියේ. ඉතින් අලුත් දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය මම අවුරුදු තිහකට එහා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම දැකලා තියෙනවා මෙහෙන් එහාට යනවා, එහෙන් මෙහාට එනවා. නමුත් ප්‍රජාතන්තුවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමේ ඕනෑකම වෙනුවෙන් අපේ රජය එක ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා, වැඩ කරගෙන යනවා. ඒ නිසා විරුද්ධ පක්ෂයෙන් මම ඉල්ලීමක් කරනවා, පෙරේදාත් මම සාකච්ඡාවක් කළා, කථානායකතුමනි, මේ සර්ව පාක්ෂික එකඟතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ක්‍රියාදාමයක් ගැන. එයට ප්‍රමුඛත්වය දී මේ අපි මුහුණ දෙන භයානක අර්බුදකාරී ආර්ථික මූල්‍ය ප්‍රශ්නය හමුවේ එකඟතාවයෙන් කටයුතු කරන්න සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි පසුගිය මාස කීපයේදීත් මේ තත්ත්වය ගැන සාකච්ඡා කළා, පසුගිය මාස කීපයේ මෙම තත්ත්වය ඇතිවීමෙන් ඇති වුණු කණගාටුදායක තත්ත්වය ආර්ථිකයටත් ඒ වාගේම, ආයතනවලටත්, එදිනෙදා මහජනතාවටත් මුහුණ දෙන්නට සිදු වුණු හානිදායක තත්ත්වය ගැන. ඒ නිසා අපි රටේ තිබෙන නීතිය යටතේ කටයුතු කරනවා විනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න, බලාපොරොත්තු වෙන්නේ නෑ. ” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 19
Previous Post

ගජ මිතුරු හොරුන්ව රකින්න අය වැයක් – රවි කුමුදේශ්

Next Post

ජී එල් පීරිස්ගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනි

editor

editor

Next Post

ජී එල් පීරිස්ගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved