27 April 2024
#දේශීය

අධික වටිනාකමින් යුත් ගජමුතු තුනක් සමග තිදෙනෙකු මාතලේ දි දැලේ

අධික වටිනාකමින් යුත් ගජමුතු තුනක් සමග පුද්ගලයින් තිදෙනෙකු මාතලේ මණ්දණ්ඩාවෙල ප්‍රදේශයේදි ඊයේ(01)දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

මාතර ප්‍රදේශයේ සිට මාතලේට මෙම ගජමුතු රැගෙන විත් ඇති බවත් යුධ හමුදා බුද්ධී නිලධාරින්ට ලැබුණූ බුද්ධී තොරතුරක් අනුව උපාය දුතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුන් විසින් මෙම ගජමුතු රුපියල් කෝටි තුනකට වැඩි මුදලකට විකිණිමට තැත් කර ඇති බවද පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ ලැප්ටොප් පරිගණයක්,ජංගම දුරකතන ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

සැකකරුවන් මාත‍ර ,දෙණියාය අකුරැස්ස ප්‍රදේශවල පදිංචි අය බවද පොලිසිය කියයි.

සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවිමෙන් මාතලේ මුලස්ථාන පොලිසියේ පොලිස් පරිසර ඒකකයේ ස්ථානාධීිපති පො.ප සෙනවරත්න මහතා ඇතුලු නිලධාරින් විසින් මෙම වැටලිමට එක්වුහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *