• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරේ සිරකරුවන්ගේ ගැටළුව විසදනවා – ජනපති TNA මන්ත්‍රීවරුන්ට කියයි 

6 November 2018
in දේශීය

උතුරේ සිරකරුවන්ගේ ගැටලූව විසදීම පිළිබද යම් සහනදායී වැඩපිළිවෙළකට ළගදිම එළැඹෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ සදහා ගතයුතු තීන්දු තීරණ පිළිබද සොයා බැලීමට නීතිපතිවරයා ඇතුළු නිලධාරින් සමග සාකච්ඡාවක් ලබන සතියේ කැදවා තිබෙන බව ද සදහන් කළ ජනාධිපතිවරයා විපක්ෂනායක ආර්, සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද ඊට සහභාගී කරවා ගන්නා බව ප‍්‍රකාශ කළේ ය.

මෙම වැඩපිළිවෙළ පිළිබඳ තමා නව අග‍්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කළ බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති දීපාවලී සැමරුම් උත්සවය අමතමින්.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ උතුරේ ජනතාවගේ ගැටලූ විසදීම පිළිබද තමා තුළ තිබූ දැඩි දේශපාලන ස්ථාවරය හෙට දවසේ ද එළෙසම පවතින බවයි.

පසුගිය වසර තුන හමාර තුළ ජනාධිපතිවරයා ලෙස උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න පිළිබද ඉතා වගකීමෙන් කටයුතු කළ අතර අගමැතිවරයා වෙනස් කිරීමට ද තමා තීරණය කළේ රටේ ප‍්‍රශ්න මෙන්ම උතුරේ ජනතාවගේ ද ජන ජීවිතය පිළිබද ප‍්‍රශ්නවලට නිසි විසදුම් නොලැබීම නිසා බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

නව රජය ලෙස උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න විසදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිවරයා රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසදුමක් පිළිබද තම පූර්ණ එකගතාවය පවතින බව ද කියා සිටියේ ය.

උතුරේ ජනතාවට අයත් ආරක්ෂක අංශ භාරයේ පැවති ඉඩම් සියයට අනූවක් පමණ මේ වන විට නිදහස් කර අවසන්ව පවතින අතර, උතුරේ පන්සල්, පල්ලි සහ කෝවිල්වලට අයත් සියලූ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස තමා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉෂ්ට වූ දිනය බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රටට අවශ්‍ය ස්ථීර සාමය සහ ජාතින් අතර විශ්වාසය, සහෝදරත්වය සහ සමාජ සාධාරණත්වය ගොඩනැගීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද අවධාරණය කළේ ය.

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති මන්දිරයේ දී මෙම විශේෂ සැමරුම් උත්සවය සංවිධානය කර තිබූණු අතර සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

මනුෂ ඉල්ලා අස්වෙයි

Next Post

වැට උඩ ඉන්න රිෂාඩ් හා හකීම්

editor

editor

Next Post

වැට උඩ ඉන්න රිෂාඩ් හා හකීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved