27 April 2024
#දේශීය

වායු රයිෆලයක් සමඟ මිගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කල වැටලීමකදී වායු රයිෆලයක්, එම පතරොම් 10 ක් හා ගොවිපලක ඇති කරන ලද උකුස්සයෙකු සමඟ ගොවිපලේ හිමිකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 30 වයස් වල පසුවන මීගොඩ ප්‍ර දේශයේදී පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය අංශය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරික්ෂන එම අතුරුගිරිය පොලිසිය මගින් සිදු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *