27 April 2024
#දේශීය

එජාපයේ පාර්ලිමේන්තු අසුන තවදුරටත් හිස් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන තවදුරටත් හිස්වන බව එම පක්ෂයේ විශ්වාසවන්ත තොරතුරු වාර්තා කරයි. 

එම පක්ෂයේ නායකවරයාගේ සමීප තොරතුරු ලබා දෙන්නා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ විසින් රුවන් විජේවර්ධනගේ නම යෝජනා කර ඇති බවයි. 

නමුත් එම යෝජනාවට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් විරෝධය පල කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ හට ලබා ගන්නා ලෙසයි.

නමුත් එම යෝජනාවට රනිල් වික්‍රමසිංහ සිය අකමැත්ත පල කර ඇති බව ඔහුගේ වීශ්වාසවන්ත තොරතුරු ලබා දෙන්නා පැවසිය. කෙසේ වෙතත් තවදුරටත් එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස් වනු ඇත. මෙය එජාපයේ මන්ත්‍රී ධුරයක් නොමැති බව පලමු අවස්ථාව මෙය වේ.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *