27 April 2024
#සංවර්ධන

හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ

සබරගමුව පළාතේ ඇහැළියගොඩ ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ද මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඒ අනුව හේවායින්න නාගහවත්ත මාර්ගයේ සහ බෙලිගස්හංදිය – පලීගල මාර්ගයේ සංවර්ධන කටයුතු ඊයේ දින (22) ආරම්භ කෙරිනි.

හේවාහින්න නාගහවත්ත මාර්ගය කිලෝමීටර් 2.5 ක් කාපට් කිරීමේ ව්‍යාපෘතිය (රු:77,996,352.00 හත්කෝටි අනූනව ලක්ෂ තුන්සිය පනස් දෙකක්) හීනැටිදෙනිය හංදියේ දී ආරම්භ වූ අතර, බෙලිගස්හංදිය – පලීගල මාර්ගය කිලෝමීටර් 1.1 ක් කාපට් කිරීමේ ව්‍යාපෘතිය (රු:34,423,639.60 තුන්කෝටි හතලිස්දෙලක්ෂ තිස් හයදාස් තිස්නවය) බෙලිගස් හංදියේ දී ආරම්භ විය.

මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලද්දේ සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර, ඒ මහතා සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ප්‍රකාශ කරන ලද්දේ රට විනාශ කළ බලවේග පරදා ජනතාවාදී රජයක් බිහිව ඇති බවත්, සබරගමුව පළාතේ අනෙකුත් ග්‍රාමීය මාර්ග රාශ්‍රියක් ද සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන ඇතුලු අනෙකුත් සියළු අංශ සංවර්ධනය සදහා ද රජය කටයුතු සිදු කරන බව ද පැවැසීය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මැතිතුමා, හේවාහින්න/බටහිර කලටුවාව පොදුජන පෙරමුණ ප්‍රාදේශීය මන්ත්‍රී ආරියවංශ පල්ලේවල මහතා, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නමින් ද අනුරප්‍රිය මහතා, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *