• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශගතව එන අයගෙන් මුදල් ගසා කෑම් ගැන කඩිනමින් පියවර – ඇමැති කෙහෙලිය

14 September 2021
in දේශීය

විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙනු ඇතැයිද එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත්, යම් වරදක් කවුරුන් හෝ පෙන්වා දෙන්නේ නම් එය නිවැරදි කිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය. “කොවිඩ් රෝගීන් හෝ මරණ සම්බන්ධ දත්ත හිතාමතා වෙනස් කිරීමක් කිසි ලෙසකින් හෝ සිදුවන්නේ නැහැ. හිතාමතා එවැනි දෙයක් කරනවා නම් පෙන්වන්න කියා මම අභියෝග කරනවා.කොරෝනා පාලනය කරන්න වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මකයි. පළමු එක තමයි එන්නත්කරණය. එහි සාර්ථකත්වය ගැන මාධ්‍ය කතා කරනවා අඩුයි. මොකද ලෝකයේ අනිකුත් රට වලට සාපේක්ෂව අපි එන්නත්කරණයෙන් ඉතාමත්ම සාධනීය තැනක ඉන්නේ. සමහරු කතා කරනවා වෙන රටවල් වල කොවිඩ් පාලනය ගැන. අපේ රටේ වෛද්‍යවරු, හෙද හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ජීවිත පරදුවට තබා කරන සේවය ගැන අපි සාධනීය ලෙස බලන්න ඕනෑ. මධ්‍යස්ථාන 800 ක එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව සිදුවෙද්දී දෙක තුනක සිදුවන අඩුපාඩු මාධ්‍ය මගින් පෙන්වනවා .එතකොට හිතෙනවා හැමතැනම ගහ මරා ගන්නවා කියලා. මේක සංවිධානත්මක ලෙසත් කරනවා. සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තිකයින් සමඟ අපි සුහඳව කටයුතු කරනවා .ඒ අයගේ දේශපාලන මතවාද අපිට අදාළ වන්නේම නැහැ. අපට අදාළ වන එකම දෙය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් දීමයි. කොවිඩ් මර්දනයේදී යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි. මුළු ලෝකයේම මේක දකින්න පුළුවන්. සියයට සීයක් ඉරක් ගැහුවා වගේ හරියට හැමදේම සිද්ධ වෙන්නේ නැහැ. යම් යම් අවස්ථාවල අඩුපාඩු දකින්න පුළුවන්. නොසිතූ මොහොතක ක්ෂණිකව යමක් සිදුවිය හැකියි. සෞඛ්‍ය අංශ එහෙම දේවල් වලට නිරන්තරව මුහුණ දෙනවා. මේවා දෙස මධ්‍යස්ථව බැලිය යුතුයි. අඩුපාඩු දකින්න අවශ්‍යය නම් ඒවාත් හොයන්න පුළුවන්. අඩුපාඩු හොයන අයට ඒවා හොයන්න ඉඩ හැරලා අපි කළ යුතු දේ නිවැරදිව කළ යුතුය. ස්පුට්නික් එන්නත් 120,000 ක් මේ සතියේ එන්න ඉඩ තිබෙනවා. ඒක ආ පසු දෙවන මාත්‍රාව සම්බන්ධ ප්‍රශ්නය විසඳෙනවා. අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. පාසැල් ළමුන්ට එන්නත ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වෙන් පැවැති කොවිඩ් කමිටුවේදී සාකච්ඡා වුණා .

එහිදී අදහස් දෙකක් මතුවුණා. එකක් අවුරුදු 12 සිට 18 දක්වා දරුවන්ට එන්නත ලබාදී 07 සිට 13 දක්වා පන්ති ආරම්භ කළ යුතුයි කියන එක. තව මතයක් ආවා පෙර පාසැල් සමඟ එකේ පන්තියේ සිට 06 දක්වාවූ පන්ති ආරම්භ කළ යුතුය කිය. පෙර පාසැල් අත්දැකීම ගිලිහුණොත් ඒක කවදාවත් ළමයෙකුට නැවත ලැබෙන්නේ නැහැ. එහි ප්‍රතිපල භයානක විය හැකි බව අධ්‍යපනඥයින් පෙන්වා දුන්නා. අපි කල්පනා කළා මේ මත දෙකම දරන පිරිස එක තැනකට ගෙනල්ලා සාකච්ඡාවක් කරන්න. ඒ අනුව තීන්දුවක් ගන්නවා පෙර පාසැල් සමඟ එකේ සිට 06 දක්වා පන්ති පටන් ගන්නවාද නැත්නම් 06 සිට 13 දකවා පන්ති පටන් ගන්නවාද කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අදහසක් තිබුණා 12 සිට 18 දක්වා අයට එන්නත් ලබා දෙන්න. දින හතරකට පෙර ජෝන් හොබ්ස්කින් විශ්ව විද්‍යාල පරීක්ෂණ අනුව 12 සිට 15 දක්වා දරුවන්ට එන්නත ලබාදීමෙන් යම් ආබාධ මතුවිය හැකි යැයි මතයක් ප්‍රකාශ කළා .ඒ ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා. ඒ මතයත් සමඟ ලෝකයේ දෙමව්පියන් 12 -15 අතර ළමුන්ට එන්නත ගහන්න අකමැත්ත ප්‍රකාශ කළා .අපිට ලෝක මතවාද වලින් බේරී කටයුතු කරන්න බැහැ. අපිටත් ඒක බලපානවා. හොඳම දේ තමයි අපි කරන්නේ.

සෞඛ්‍ය අංශයේ මූලික වශයෙන් පවතින පුරප්පාඩු වලින් 60% ක් පමණ හැකි ඉක්මනින් පිරවීමට බලාපොරාත්තු වෙනවා. කොවිඩ් අසාදනය වෙන සෞඛ්‍ය අංශ වල විශාල පිරිසක් ඉන්නවා. මේ අවස්ථාවේ කැපවීමෙන් රාජකාරී කරන සමස්ත සෞඛ්‍ය සේවයට අපේ ප්‍රණාමය පුදකළ යුතුයි.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු නිසා කිසිදු රෝගියෙකු මරණයට පත්වුණා කියලා අපිට අහන්න ලැබුණේ නැහැ .තෙවන එන්නතක් ලබාදීම ගැන සාකච්ඡා කරලා තිබෙනවා.එය ක්‍රියාත්මක කරනවා නම් ඉදිරි පෙළ අවධානම් කණ්ඩාම් වලට තමයි එහිදී මූලිකත්වය දෙන්නේ. සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් මෙහිදී ප්‍රමුඛයි.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද එක්විය.

 

Post Views: 9
Previous Post

ලොව ඉහළම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කෙරේ

Next Post

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved