• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වයිබර් දශක සැමරුමට සමගාමීව විශේෂ දීමනා රැසක් හඳුන්වාදෙයි

21 December 2020
in ව්‍යාපාර

ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම දශක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් හා එක්ව වයිබර් පරිශීලකයින් වෙත විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව උත්සව සමයේදී ෆැෂන් බග් වෙතින් සිදුකරන මිලදී ගැනීම්වලදී රුපියල් 500ක වට්ටමක් ද, මොබිටෙල් වෙතින් 1GB ඩේටා දීමනාවක් ද, කප්රුක හරහා තෝරාගත් නිෂ්පාදන රැසකට 20%-30% දක්වා වට්ටම්, Ustore.lk වෙතින් රුපියල් 50/- සිට රුපියල් 1,000/- දක්වා මුදල් වවුචර් ද, යුනිලීවර් නිෂ්පාදන සඳහා 15%-50% දක්වා වට්ටම් හා ඩොමිනෝස් පිට්සා වෙතින් නොමිලේ ගාලික් ‌බ්‍රෙඩ් තුනක් ද ලබාගැනීමේ අවස්ථාව වයිබර් පරිශීලකයින්ට උදා වේ. වයිබර් හඳුන්වා දී ඇති Wheel of fortune චැට් බොට් එක හරහා මෙම දීමනා සහ තිළිණ හිමි වේ.

2010 වසරේදී වයිබර් ආයතනය ආරම්භ වූයේ ජංගම දුරකථන පරිශීලකයින්ට නොමිලේ ජාත්‍යන්තර ඇමතුම් ලබාගැනීමේ හැකියාව උදා කරමිනි. ලොව ප්‍රමුඛ පෙළේ ඉ-වාණිජ හා මූල්‍ය සේවාවක් වන රකුටෙන් ආයතනය 2014 වසරේදී වයිබර් මිලදීගත් අතර, එතැන් පටන් සමාගම විශාල දියුණුවක් අත්පත් කරගැනීමට සමත් විය. විශේෂයෙන් ම 2018 වසරේදී Viber Communities විශේෂාංගය එළිදැක්වීම සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නව පෙරළියක් ඇතිකිරීමට සමත් විය. එනම් ඕනෑම පරිශීලක සංඛ්‍යාවක් එක් කරගත හැකි සුපිරි චැට් ගෘෘප්ස් නිර්මාණය කිරීමේ අවස්ථාව ඉන් උදාවිය. ඊට වසරකට පසු සමූහයකට එකවර ඇමතුම් ලබාගැනීමේ හැකියාව ද වයිබර් පිරිනැමීය.

ඒ අනුව අද වනවිට දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, සමූහ කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, Communities හා චැට් බොට් වැනි විශේෂාංග රැසකින් සමන්විත අංග සම්පූර්ණ සන්නිවේදන වේදිකාවක් ලෙස වයිබර් ඉදිරියට පැමිණ ඇත.

“වයිබර්හි දස වසරක සාර්ථකත්වය පසුපස සිටින්නේ අන් කවරකුත් නොව අප කෙරෙහි විශ්වාසය තැබූ මිලියන සිය ගණනක් වූ වයිබර් පරිශීලකයිනුයි. ගාස්තු රහිත එමෙන්ම උපරිම ආරක්ෂාවෙන් යුත් සන්නිවේදන සේවාවක් පරිශීලකයින්ට සැලසීම අපගේ අරමුණයි. අපේ එදිනෙදා ජීවිත තුළ තාක්ෂණයේ සහභාගීත්වය වැඩිවෙත් ම අපේ සන්නිවේදන කටයුතුවල ආරක්ෂා පිළිබඳ වැඩි සැළකිල්ලක් දැක්විය යුතුයි. ඒ වෙනුවෙන් වයිබර් කාර්ය මණ්ඩලය විශාල පරිශ්‍රමයක් ගෙන ක්‍රියාකරනවා. ඔවුන් තමයි අපේ ශක්තිය”, යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.

ගෙවුණු වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේදී මහත් සාර්ථකත්වයක් අත්කරගැනීමට වයිබර් සමත්ව තිබේ. විශේෂයෙන්ම 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ මුල් අර්ධයේදී වයිබර්හි දෛනික භාවිතය 39%කින් හා සමූහ කෙටි පණිවුඩ යැවීම 34%කින් ඉහළ ගොස් තිබේ. එහිදී යවන ලද සමූහ කෙටි පණිවුඩ ප්‍රමාණය 91%කින් වර්ධනය වී තිබීම කැපී පෙනේ. ඊට අමතරව දෙපාර්ශ්වයක් අතර කෙටි පණිවුඩ ගනුදෙනු කිරීම 37%කින් හා Communities විශේෂාංගය භාවිත කිරීම 118%කින් වැඩි වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ වයිබර් භාවිතය වැඩි වීමට ප්‍රධාන හේතුවක් ලෙස දේශීය ආයතන හා සමාගම් සමඟ ඒකාබද්ධව විවිධ අත්දැකීම් පරිශීලකයින්ට සමීප කරවීම පෙන්වා දිය හැක. එනම්, මහජන බැංකුව, ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනාධිපති මාධ්‍ය අංශය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, කාගිල්ස් ෆුඩ්සිටි, ජාතික ලොතරැයි මණ්ඩලය වැනි ආයතන රැසක් සමඟ සහයෝගීතාවකට එළඹීමට වයිබර් සමත් වී ඇත.

වයිබර් ආරම්භ වුණේ ජනතාවට තමන්ගේ ආදරණීයයන් සමඟ සන්නිවේදනය කිරීම පහසු කරවීමටයි. නමුත් ලෝකය වේගයෙන් වෙනස් වෙමින් අපි සන්නිවේදනය කරන ආකාරයත් විශාල ලෙස වෙනස් වෙමින් පවතිනවා. එනිසා සෑමවිටම ලෝකයේ වෙනස්වීම් තේරුම් ගෙන අනාගතවාදී සන්නිවේදන අත්දැකීමක් පරිශීලකයින්ට සමීප කරවීම වයිබර් අභිලාෂයයි, යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන වර්ධන නිලධාරිනී ඇනා නමෙන්ස්කයා පැවසුවාය.

 

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය. මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ.

ඔබත් මෙතෙක් වයිබර් සමඟ එක් වී නොමැති නම් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

 

පිටපත – NGage Strategic Alliance

 

Post Views: 4
Previous Post

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් හදිසි නිරීක්ෂණයක්

Next Post

වතු කම්කරුවන්ගේ රු 1000 වැටුප අවසන් තීරණය සතියකට කල් යයි

editor

editor

Next Post

වතු කම්කරුවන්ගේ රු 1000 වැටුප අවසන් තීරණය සතියකට කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved