27 April 2024
#දේශීය

අයවැයට පක්ෂව ඡන්දය දෙන්න පොහොට්ටුව ලැස්තියි !

2024 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් වන අයවැය යෝජනාව වෙනුවෙන් පක්ෂව ඡන්දය ලබා දීමට පොදු ජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ.

පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ පවතින්නේ තම ආණ්ඩුවක් හේතුවෙන් අයවැය පරාජයට පත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී පොදු ජන පෙරමුණ නියෝජනය කරන ලබන මන්ත්‍රීවරුන් පවසා සිටියේ තමන්ට අමාත්‍ය ධුරයක් නොමැති හෙයින් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

ඒ අතරම නාමල් රාජපක්ෂ පවා පවසා සිටියේ එයට සමාන අදහස් නමුත් පොදු ජන පෙරමුණේ තීන්දු තීරණ ගන්නේ බැසිල් රාජපක්ෂ බව හෙයින් මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබා දිය යුතු තීරණය ඒකමතිකව තිරණය කර ඇති බව ඉතා විශ්වාසනීයව අප වෙත තොරතුරු ලබා දෙන්නා පවසා සිටියා.

නාමල්ගේ හැසිරීම වයස් අනුව උද්වේගය මිසක් එය පක්ෂයේ තීන්දුවක් නොවනු ඇත. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති බව පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *