• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ආගධයට යන එක නතර කරන්න අපි රනිල්ට එක් වුනේ – ඩී.බී හේරත්

7 September 2022
in දේශීය

රට අගාධයට යෑම වළක්වා විපත්තියට පත්වෙච්ච රට ගොඩනැගීම වෙනුවෙන් අප රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා, “අද අපි පාලක පක්ෂය හැටියට දේශපාලන භූමිකාව තුළ එයට එක්කාසුවෙලා තිබෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්වන පාර්ශව දෙකක්. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදලා, බැසිල් රාජපක්ෂ මැතිතුමා සංවිධානය මෙහෙයවලා රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එහිදි බරපතල අර්බුද රාශියක් පැමිණියා. කොවිඩ් අර්බුදය වගේම යහපාලන ආණ්ඩුවේ අපිට පටවපු බරපතල සිදුවීම් එක්ක අපිට පාලක පක්ෂයක් හැටියට සාධාරණ විසඳුම් දෙන්න අපොහොසත් වුණා. අපිට වගකීමක් තිබෙනවා. පාලක පක්ෂයක් හැටියට මහජන නියෝජිතයෝ විදිහට අපිට වගකීමක් තිබෙනවා රට අයාලේ යන එක වළක්වලා විපත්තියට පත්වෙච්ච රට ගොඩගන්න. ඒ අනුව තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ එක්වෙන්නේ. ප්‍රතිපත්ති දෙකක් වුණත් අරමුණ ප්‍රධාන කරගෙන තමයි අපි සහයෝගය දෙන්නේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ලබා ගෙන රටේ විධායකයා බවට පත්වෙලා රටට යහපත් වටපිටාවක් ගොඩනගන්න කටයුතු කරලා තිබෙනවා. අගමැති ඇතුළු කැබිනෙට්ටුව, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ප්‍රශ්න විසඳීම සඳහා උපරිම වශයෙන් සහයෝගය ලබා දෙනවා. ඒ අනුව තමයි අද තෙල් පෝළිම් ටික නැතිවෙන තත්වයට ගෙනියන්නට පුළුවන් වුණා. එසේ රටේ ප්‍රශ්න එකින් එක විසඳලා රට හරි තැනකට ගෙනියන්න ආණ්ඩුව කටයුතු කරනවා. එහෙම කරනකොට විපක්ෂය විසින් මෙවන් පසුබිමක බොරදියේ මාළුබාන්න උත්සහ කරනවා. තවත් දේශපාලන කඳවුරු සමහර පිරිස් සිහින මවනවා රටේ පාලක පක්ෂය බවට පත්වෙන්න. නමුත් අපි පිඩනයෙන් සිටින ජනතාවට සුවපහසු ජිවිතයක් හදන්නයි කටයුතු කරන්නේ. මේ කාලයේදී පාන් ගෙඩියක් 350 ට යයි කියලා මාධ්‍යවලින් කියනවා. එය එහෙම වෙන්නේ නෑ. මෙහෙම වගකීමක් නැතිව කටයුතු කරන්න හොඳ නෑ. මේ රටේ පාලක පක්ෂයට පමණක් විතරක් නොවේ මහජනතාවට, රාජ්‍ය ආයතනවලට , පෞද්ගලික ආයතනවලට රටේ පැවැත්ම පිළිබඳව වගකීමක් තිබෙනවා. පහුගිය කාලයේ කාබනික වගාවන් පිළිබඳව අත්හදා බලන්න ගිහිල්ලා අපිට ආහාර හිඟයක් පිළිබඳව කතා කරන්න සිදු වුණා. එය නිවැරදි කරන්න මේ වන විට යල කන්නට යූරිය ටික දුන්නා. දැන් ඊළඟට මහකන්නට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන මහකන්නට සරුසාර අස්වැන්නක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අද ධිවරයන් ලාම්පු තෙල්වල මිල ඉහළ ගිහින් තිබෙන නිසා අසිරුතාවයකට පත් වෙලා තිබෙනවා. අද මත්ස්‍ය මිළ ඉහළ ගිහින් තිබෙනවා. එයට ඇමතිතුමා සහනාධාරයක් ලබා දෙන්න කටයුතු කරනවා.
මේ ආහාරය පිළිබඳව කතා කරනකොට පහුගිය දවසක ජනාධිපතිතුමා සමඟ ආණ්ඩු පක්ෂයේ පිරිස සාකච්ඡා කළා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමට බැහැලා රාජ්‍ය නිධාරීන් එකතු කරගෙන නිෂ්පාදන ගම්මාන බිහිකරලා ගම්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අවතිරණ කරන වැඩපිළිවෙළක් තියෙනවා. එය හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් ඒ රාජකාරිය කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍යවෙලා තිබෙනවා පාර්ලිමේන්තුවේ 225 ම එකතු කරගන්න. දැන් මේ අවස්ථාවේ විපක්ෂයට අවස්ථාවක් තිබෙනවා, අනුර කුමාර දිසානායකට, ඒ වගේම රට සංවර්ධනය කරන්න දායකවන්න උත්සහ කරන කවුරු පිරිසකට රට සංවර්ධනය කිරීමේ අරමුණක් තිබෙනවා. නැතිව පාර්ලිමේන්තුවට හෝ කොහේ හරි ගිහින් එක එක ප්‍රකාශ කර ඉන්නේ නැතිව දැන් අවස්ථාවක් තිබෙනවා. අපි පාලක පක්ෂය විදිහට අපේක්ෂා කරන්නේ දේශපාලන අරමුණු පැත්තකින් තියලා රට ගොඩගන්න වැඩපිළිවෙළට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. ” මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 18
Previous Post

තරුණ පිරිස මන්දනය කරනවාද? රටේ ප්‍රශ්ණ විසදනවාද ? – 43 සේනාංකයේ තුෂාර වීරරත්න

Next Post

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමෙරිකාවේ සහාය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමෙරිකාවේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved