• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි – නීතිඥ හර්ෂණ

24 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මේ කරන ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ජාතික ජන බලවේගය විසින් සංවිධානය කල මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙසේ අදහස් පල කලේය ” ආණ්ඩුව ජනතාව බිය වැද්දීම පිණිස නීතිය අවභාවිතා කරමින් සාමකාමීව අරගල කළ, පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ බියවැද්දීමට ලක්කිරීමේ කටයුතු කරමින් ඉන්නවා. අපි ජාතික ජන බලවේගය විදිහටත් රටේ පුරවැසියන් හැටියටත් මේ තත්වය හෙළා දකිනවා. 1979 හඳුන්වාදුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මෙතෙක් පැවැති ආණ්ඩුව ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ නියැලුණා. රනිල් වික්‍රමසිංහ සාමකාමී අරගලකරුවන් සහ ත්‍රස්තවාදීන් හැටියට අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමේ අරමුණින්ම මේ බෙදීම කළා. ඔහු ත්‍රස්තවාදීන් හැටියට හඳුන්වන්නේ ජනාධිපති මන්දිරයේ ෆ්‍රිජ්එකේ තිබුණු ගස්ලබු බෑය කෑව කෙනා. පිහිනුම් තටාකයේ සබන් ගාලා නෑව කෙනා. ජනාධිපති කොඩිය ඇඟේ ඔතාගෙන සිටිය කෙනා. රනිල් වික්‍රමසිංහගේ ත්‍රස්තවාදී නිර්ණායක පෙළ ගස්වා තිබෙන්නේ මේ විදිහට.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් දින 90ක රැඳවුම් නියෝග මත හිරකර තබාගෙන ඉන්නවා. ඕනෑම කෙනෙකුට වරදක් කළා කියලා චෝදනා එල්ලකර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග මත රඳවාගෙන ඉන්නත් පුළුවන්. නීතිඥවරුන්ට ඒ අය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඉතාමත්ම සීමිත ඉඩකඩක් ලැබෙන්නේ. මහේස්ත්‍රාත්වරුන්ට ඔවුන්ව අධීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සාමකාමී පාගමනක නියැලෙමින් එකදු නීතියක්වත් නොකැඩූ ශිෂ්‍යයන්ට පොලිසිය යොදවා පන්න පන්නා පහර දුන්නා.

රටේ ආර්ථික අර්බුදය එක්ක රජයේ පාඩු ලබනවා යැයි කියන ආයතන විකුණා දමන්න ආණ්ඩුව ක්‍රියාකරනවා. ඒ වාට විරුද්ධව සිදුකෙරන ජනතා නැගිටීම් මර්දනය කිරීමේ පෙරහුරුවක් මේ තියෙන්නේ. මේ උත්සාහ කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමේ බිය ගැන්වීමකට. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මේ කරන ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි. තරුණයෝ පාරට එන්නේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඔවුන් ගැටෙන්නේ ශිෂ්ට සම්පන්නව අදහස් සමග ගැටෙන්න. ජීවන වියදම සහ වෙනත් ආර්ථික ගැටලු විසඳා ගන්න මේ රටේ පාරට එන්නේ ත්‍රස්තවාදීන් නොවෙයි, හෘදය සාක්ෂියක් තියෙන පුරවැසියන්. ඔවුන්ව අනීතික ලෙස, ම්ලේච්ඡ ලෙස මර්දනය කරනවා නම්, ඔලුව පහත් කරගෙන ඉඳී කියලා හිතන්න එපා. මේ රටේ ජනතාවගේ කොන්ද කැඩීමයි මේ කරන්නේ. ගෝල්ෆේස් එකට හෝ වෙන කිසිම තැනක පටු දේවල් ඉල්ලා ගෙන කිසිකෙනක් අරගල කළේ නැහැ. ඒ නිසා මේ මර්දනය දිගටම ගෙන ගියහොත් කිනම් මොහොතක හරි පුපුරා යන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ පාලනයට අපි අවධාරණය කරනවා. එවැනි විනාශයන්ගේ පාඩම් ඉතිහාසයේ ඇති තරම් කියාදී තිබෙනවා. මම මෙතනට ආවේ කොටුව උසාවියේ ඉඳලා. අරගලකරුවන් හැමෝටම මහේස්ත්‍රාත්තුමා ඇප ලබාදුන්නා. පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කළ, කරුණු එකක් වත් අපරාධ චෝදනා නොවෙයි. බය කරන්න ඉදිරිපත් කළ චෝදනා. රටක් වෙනුවෙන් කැපකිරීම් කළ පුද්ගලයන් ලෙස ඔබ හෘදය සාක්ෂියට අනුව කෙලින් කටයුතු කරන්න. පොලිස් නිලධාරීන්ට පාලකයන් ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපදින අයට දඬුවම් විඳීමට සිදුවන බව මතකයේ තියා ගන්නා ලෙස අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ අපි අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව දිගටම පෙනී සිටිනවා. යැයි හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය වැවිලි බෝග වගාකරුවන් සවිබල ගන්වයි

Next Post

රනිල් අටවාගත් ජනාධිපතිවරයෙක් – ආචාර්ය හරිනි

editor

editor

Next Post

රනිල් අටවාගත් ජනාධිපතිවරයෙක් - ආචාර්ය හරිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved