2029 ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, සිය අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජනතාව විසින් ගත යුතු බවයි.
තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් රටේ වර්තමාන ආර්ථික සහ පාලන ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට කටයුතු කරන බව වීරවංශ මහතා පවසයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින ගිවිසුම් සහ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය පාලනයක් යටතේ සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව ඔහු එහිදී ඉඟි පළ කළේය.
මෙම අභියෝගාත්මක දේශපාලන තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අවධානය යොමුව ඇති අතර, රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා විකල්ප දැක්මක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
















