27 April 2024
#දේශීය

සත්වෝද්‍යාන තාවකාලිකව වසා දමයි

සියලුම සත්තු උද්‍යාන ,සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාර අද (4) සිට නැවත දැනුම් දෙන දෙනතුරු වසා තැබීමට තීරණය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ කෙවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ආයතන මෙසේ වසා දැමීමට තීරණය කල ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *