27 April 2024
#දේශීය

පුජිත් සහ හේමසිරිට චෝදනා 800 කින් සමන්විත නඩු පැවරෙයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට එරෙහිව නඩු විභාග කිරීම සඳහා චෝදනා 800 කින් සමන්විත තොරතුරු, නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත අද (03) ඉදිරිපත් කෙරිණි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මාධ්‍ය වෙත පවසා සිටියේ පුජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ , වෙන වෙනම නඩු විභාග දෙකක් පැවැත්වීම සඳහා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *