• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැති නිසා එජාපය අවුලක – සජිත්ට නායකකම දෙන්න බලපෑම්

29 October 2018
in දේශීය

අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට අහිමි වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ප්‍රබලයින් රැසක් මේවන විටත් රැඳී සිටින්නේ අරලියගහ මන්දිර පරිශ්‍රයේය. එජාප ප්‍රබලයින් සේම එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට ලක්ව ඇත්තේ එජාප නායකත්වය වෙනස් කර අලුත් ගමනක් යාමට දැන් හෝ දැඩි තීරණයක් ගත යුතු බව එම වාර්තා සඳහන් කරයි.

එජාපයේ ප්‍රබලයින් සමඟ පැවැති සාකච්ඡාවලදී එජාපයේ නායකත්වය වෙනස් විය යුතු බවත් එය කාට ලබා දිය යුතු ද යන්න පිලිබඳ සාකච්ඡා කර ඇත.

තව ද එජාපය තුළ පිල් බෙදීමක් ලක්ව ඇති අතර ඒ අනුව එජාපයේ ස්ථීර නායක රනිල් වික්‍රමසිංහට හිතවත් පිලත්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට හිතවත් පිලත් ලෙසත් දෙපිලකට බෙදී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙසට එජාපයේ විශාල මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි ලෙස ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මේවන විට ආණ්ඩුව අහිමි වීමේ තත්වයට එජාපයට පත්වීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත් මෙම තත්ත්වයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වරදක් නොමැති බවත් සජිත් පාර්ශවය ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50 දෙනෙකු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර එජාපය බේරාගන්නා ලෙස නායකත්වයෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂයට සහය ලබාදෙන සුළු ජාතික පක්ෂ මෙතෙක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර නොමැති අතර ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ තවදුරටත් සිටිය යුතුය යන මතයේ සිටින බව දැනගන්නට තිබුණද එජාපයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් එජාප නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවට දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ.

Post Views: 11
Previous Post

නව අගමැති මහින්ද වැඩ භාර ගනි

Next Post

අර්ජුන ඇප මත මුදා හැරේ (පස්වරු 6) Update

editor

editor

Next Post

අර්ජුන ඇප මත මුදා හැරේ (පස්වරු 6) Update

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved