27 April 2024
#දේශීය

අර්ජුන ඇප මත මුදා හැරේ (පස්වරු 6) Update

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප මත මුදා හැර තිබේ. ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව දෙසැම්බර් 4 වැනි දා යළි කැඳවීමට නියමිතය.

 

 අර්ජුන අත්අඩංගුවට (පෙර පුවත) 

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (29) දින අත්අඩංගුවට තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළවයි. ඊයේ (28) පස්වරුවේ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සේවකයින් 3 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෙලෙස මියගියේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු පියෙක්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *