• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැති රනිල් පත්වීමෙන් පසු පලමුවරට පාර්ලිමේන්තුව අද රැස්වෙයි

18 December 2018
in දේශීය

නව අග්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා දීවුරුම් දීමෙන් අනතුරුව පලමුවරට අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වේ. පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත අතර එහිදී නව කැබිනට් මණ්ඩලය මෙතෙක් දිවුරුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨත්වය අනුව අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 7 වන අසුන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත වෙන් කර ඇති අතර, කථානායකවරයාගේ වම් පස විපක්ෂයටත් දකුණු පස ආණ්ඩු පක්ෂයටත් වෙන් කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (18) දිනයේදී පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වනු ඇති බවටයි වාර්තා වන්නේ.

අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මධ්‍යහ්න 12 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙනු ඇති අතර එහිදී  විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳව එහිදී යම් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.

එසේම පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසුව තාවකාලිකව වසා දැමූ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය ද යම් යම් කොන්දේසි වලට යටත්ව අද සිට යළි විවෘත කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.

මේ අතර, පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව අවශ්‍ය ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කිරීමේ කටයුතු අද (18) සිට ආරම්භ කිරීමට නියමිතයි.

Post Views: 10
Previous Post

ඉන්ටව් කරලා තමයි ගන්නේ – එජාපය

Next Post

අමාත්‍ය මණ්ඩලය පත් කරන විට බුද්ධිමත්ව කටයුතු කරන්න – පැෆ්රල් සංවිධානය කියයි

editor

editor

Next Post

අමාත්‍ය මණ්ඩලය පත් කරන විට බුද්ධිමත්ව කටයුතු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved