27 April 2024
#දේශීය

ඉන්ටව් කරලා තමයි ගන්නේ – එජාපය

මෙවර ආණ්ඩුවට එක්වන පිරිස් සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු සොයා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද බණ්ඩාර මහතා කියා සිටියේ ආණ්ඩුවට එකතු කරගන්නේ හොඳ පිරිස් පමණක් බවයි.

නව කැබිනට් මණ්ඩලය හෙට දිනයේදී දිවුරුම් දීම් සිදු කරනු ඇති බවත් අමාත්‍ය මණ්ඩලය 30 කට සිමා කිරිමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

එසේ බැරි වුණහොත් එය 35 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගන්නා බව ද බණ්ඩාර මහතා කියා සිටියේය. තව දෙමළ ජාතික සන්ධානයටද ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා ගන්නා ලෙස ආරාධනා කර ඇති නමුත් ඔවුන් පවසා සිටියේ එවැනි කිසිදු අමාත්‍ය ධුරයක් අවශ්‍ය නොවන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *