• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපනයට කරන හැම වියදමක් ම ආයෝජනයක් බව ඇමැති අකිල කියයි

1 September 2019
in දේශීය

අනාගතයට වැඩියෙන්ම ප්‍රතිලාභ ලැබෙන්නේ අධ්‍යාපනයෙන් බවත්, මේ නිසා අධ්‍යාපනයට කරන හැම වියදමක් ම ආයෝජනයක් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ ඊයේ (31) කුලියාපිටියේ නාරංගල්ලේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා රජය හා කොරියානු ජන රජය එක්ව සකස් කළ ඒකාබද්ධ සැලැස්මක් අනුව, කොරියානු ජනරජයේ රුපියල් මිලියන 2500 සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 500ක මූල්‍ය ආයෝජනයකින් කුලියාපිටිය නාරංගල්ලේ අක්කර 16ක භූමිභාගයක මෙම විද්‍යාපීඨය ඉදිකෙරේ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මම ඉතාමත් සතුටු වෙනවා.. ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සංකල්පයක් අනුව මේ රටේ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් බිහි කෙරෙන 20 වැනි විද්‍යාපීඨය කුලියාපිටියේ ඉදිකිරීමට ලැබීම ගැන. මෙම විද්‍යාපීඨය තාක්ෂණික ගුරුවරුන් පුහුණු කරන විද්‍යාපීඨයක්. මෙහි ගුරුවරුන් වසර 4ක් පුරා පුහුණු කරනවා විතරක් නොවෙයි, අවසානයේ තාක්ෂණවේදය සම්බන්ධ ව උපාධියකුත් පිරිනමනවා. මෙය අපේ රටට ලැබුණු ලොකු අවස්ථාවක්. ඒ වගේම මේ වැඩපිළිවෙළ අධ්‍යාපනයේ නව ප්‍රවණතා සමග ඉදිරියට යන්නට හොඳ අවස්ථාවක්” යැයි ද සඳහන් කළේය.

මෑතකාලීන ව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ අතර, 13 වසරක අධ්‍යාපන වැඩසටහන, ළගම පාසල හොදම පාසල, සුරක්ෂා රක්ෂණාවරණය, ඇතුළු විප්ලවීය ක්‍රියාමාර්ග රැසක් දියත් කළ බව ද, මෙවර විද්‍යාපීඨ ශික්ෂණලාභීන් 8000ක් එකවර විද්‍යාපීඨ වෙත බඳවා ගැනීමට කටයුතු කළ බව ද, එමෙන් ම රජය විසින් බඳවාගනු ලබන උපාධිධාරීන් 16000න් 5000ක් ගුරුවරුන් ලෙස ඉදිරියේ දී අධ්‍යාපන පද්ධතියට බඳවාගන්නා බවත් ඒ නිසා ඉදිරි‍යේ දී ගුරු හිඟයක් මතු නොවන බවත්, වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති හියෝං ලී (Heon Lee) මැතිතුමන් ඇතුළු කොරියානු නියෝජිත පිරිසක් ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල, අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, ඇතුළු මැති ඇමතිවරුන් සහ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

 

Post Views: 10
Previous Post

කුලියාපිටියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

Next Post

රට ගොඩනැංවීමට සියළු දෙනා එක්විය යුතුයි – ජනපති

editor

editor

Next Post

රට ගොඩනැංවීමට සියළු දෙනා එක්විය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved