• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්නවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

7 February 2024
in දේශීය, පුවත්
සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, උතුරු පළාතේ වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති වැඩසටහනකට එක් වෙමිනි.

ඒ අනුව අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, ගුරු උපදේශක යන සේවාවල හා ගුරු සේවයේ නව පත්වීම් රැසක් ඉතා ඉක්මනින් ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඊට අමතර ව අතිරික්ත නිලධාරීන් සිටින සේවා ස්ථානවලින් ස්ථාන මාරුවීම් ලබා දීම හරහා නිලධාරී හිඟය පියවීමට කටයුතු කරන බව ද පැවසී ය.

ඉදිරියේ දී ඉතා කෙටිකලක් තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් 460ක් පමණ බඳවා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම පැවසීය.

එමෙන් ම නඩු කටයුතු නිසා 2019 වසරේ සිට යටපත් ව පැවති විදුහල්පති සේවයේ නව පත්වීම් 4,672ක් මේ වන විට ලබා දී ඇති බවත් එයින් 4,400ක් මේ වන විට වැඩ භාරගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද එක් ව සිටියහ.

Post Views: 6,885
Previous Post

මැතිවරණවලදී වෙන් වුනත් රට ගොඩනැගීමේදී එකට එක්වෙමු – ජනපති

Next Post

අනතුරුදායක ගස් සහ අතු ඉවත් කිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදෙන්න – මධ්‍යම ආණ්ඩුකාරවරයා

editor ttvnews

editor ttvnews

Next Post
මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරිමට කමිටුවක් – මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්

අනතුරුදායක ගස් සහ අතු ඉවත් කිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදෙන්න - මධ්‍යම ආණ්ඩුකාරවරයා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved